මහනුවර දෙකම ගන්න සූදානමින්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 02 , කොළඹ LNW :

මෙවර මාස්ටර් කාඩ් ලීග් රගර් සූරතාවයට හිමිකම් කී මහනුවර කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලාන අවසන් තරගයටත් සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.ඒ අවසන් පූර්ව තරගයේදී සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම පරාජයට පත් කරමින්.මෑත ඉතිහාසයේ ප්‍රබලතම දේශිය රගර් කණ්ඩායම බවට සටහන් තබා තිබෙන මහනුවර කණ්ඩායම ඉකුත් වසරේදී සීආර් කණ්ඩායමට සූරතාවය හිමි කර දෙමින් මද පසුබැස්මක් පෙන්වනු ලැබුවා.

එහෙත් මෙවර ලීග් තරගාවලියේදි සිට මේ දක්වා පරාජයක් අත් නොවිද සිය විශිෂ්ඨත්වය ඔප්පු කරමින් සිටින මහනුවර ක්‍රීඩා සමාජය අවසන් තරගයේදී සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ හැව්ලොක්ස් කණ්ඩායම අතර පැවත්වෙන අවසන් පූර්ව තරගයෙන් පසුව ජය ගන්නා කණ්ඩායම සමඟ අවසන් තරගයේදී හමුවීමට නියමිතයි.

ක්‍රීඩකයින් අති විශිෂ්ඨ වුව ද ඇතැම් අවස්ථාවල එහි පාලකයන් ක්‍රීඩා සමාජයේ අත්‍යවශ්‍ය සහභාගීත්වයේ වැදගත්කම සහ එයින් තරගාවලියට ලැබෙන ආකර්ශණය පදනම් කරගෙන පොදු තීරණ කෙරෙහි නොනැමෙන යම් අශ්ලීලත්වයක් ප්‍රදර්ශනය කරන අවස්ථා ද දැක තිබෙනවා.එක් වරක් වඩා ස්වාධීන මුහුණුවරක් ඇති කිරීම වෙනුවෙන් සිය ක්‍රීඩා සමාජ පිටියෙන් බැහැර ආසන්න තැනෙක ක්ලිෆර්ඩ් කුසලානයේ තරග පැවත්වීමට හිටපු පරිපාලනය ගත් තීරණයකට එරෙහිව එම තරගාවලියට සහභාගි වුණේ නැහැ. සියලු ක්‍රීඩා සමාජවලට තමන්ගේ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව තරග කිරීම සඳහා සැළසුම් කළ එම තරගාවලියේදී මහනුවර ක්‍රීඩා සමාජය ඊට එකඟ නොවීම එවැනි එක් අවස්ථාවක් වෙනවා.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම රගර් ක්‍රීඩා කණ්ඩායම ලෙස සිය ක්‍රීඩක සමූහය ජයග්‍රහණය කරා මෙහෙයවීමට මහනුවර දක්වන හැකියාව අගය කළ යුතු වෙනවා.එම ක්‍රීඩකයන්ගේ දස්කම් සඳහා පරිපාලනයෙන් ලැබෙන දායකත්වය සහ සහයෝගය තරමටම ජාතික රගර් සම්බන්ධයෙන් වන එකඟතාවලදී ද ස්වීය බලය තහවුරු කර ගැනීම පමණක් ඉලක්ක කර නොගෙන ජාතිකමය වැදගත්කම සහ ක්‍රීඩාවේ ව්‍යාප්තිය උදෙසා කැපවීමට ද මහනුවර ක්‍රීඩා සමාජය අවධානය යොමු කළ යුතු වෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීමට සහ ජය ගැනීමට අවශ්‍යය ශක්තිය සම්පාදකය කරන ප්‍රධානම ක්‍රීඩකයින් සමූහයක් දායාද කරන මහනුවර,තවත් වඩාත් දක්ෂ ක්‍රීඩකයින් මහනුවරටත්,රටටත් හිමි කර ගත හැකි,දීප ව්‍යාප්ත ව්‍යහුයමය තත්ත්වය වෙනුවෙන් පෙනී සිටීම ද සිය වගකීම කරගත යුතුව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...