*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දෑත ළයේ බැඳ අවසන් ගමනට යන මහාචාර්ය සනත් නන්දසිරි මතක සැමරුම

ගායකයෙක්, ගේය පද රචකයෙකු හා අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා පසුගිය 28වන දා දිවි සැරිය නිමා කළේ ය.

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ වාග්ගේයකරුවෙකු වශයෙන් හඳුන්වන සනත් නන්දසිරි මහතා මිය යන විට 81වන වියේ පසු වූ අතර කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ධූරය හෙබවනු ලැබීය.

හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි 1942 පෙබරවාරි 15 කොළඹ ගොතටුව ප්‍රදේශයේ උපත ලැබූ අතර ශාන්ත මැතිව් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළ ඔහු තටුව මහා විද්‍යාලයෙන් ඔහු සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිට පසුව ඔහු උසස් පෙළ සඳහා මහාබෝධි මහා විද්‍යාලයට ඇතුළත් විය. පසුව ස්ටැෆර්ඩ් විද්‍යාලයට ඇතුළත් විය. පාසල් කාලයේදී ඔහු මලල ක්‍රීඩකයෙකු මෙන්ම එල්ලේ ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වා ඇත.

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා
දෑත ලයේ බැඳ අවසන් ගමනටනොකියාම ගිය සොඳුරිය….
https://youtu.be/EPkPs7UXrxs

1955 වසරේදී වයස අවුරුදු 13ක පමණ කුඩා දරුවකුව සිටියදී ගුවන්විදුලියට පිවිසෙන සනත් නන්දසිරි මඩවල එස් රත්නායක, නන්ද ජයමාන්න, කරුණාරත්න අබේසේකර සහ සනත් විමලවීර සමඟ වැඩ කටයුතු කිරීමට සමත් විය. වයස අවුරුදු 17 දී ඩී.ආර්. පීරිස් යටතේ තබ්ලා වාදනය හැදෑරීමට පටන්ගත් 1960 දී වයස අවුරුදු 19 දී නන්දසිරි ඉන්දියාවට ගොස් භාත්ඛණ්ඩේ සංගීත ආයතනයේ ඩිම්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.

1965 දී ඔහු නැවත ලංකාවට පැමිණ ගුවන් විදුලියට සම්බන්ධ වී ගායන දිවිය ආරම්භ කළේය. ඔහු රජයේ සංගීත විද්‍යාලයට තේරී පත් වූ අතර 1967 දී ගුරු වෘත්තියට ඇතුලත් විය. කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීත ප්‍රධානියා ලෙස 1988 සිට 1992 සේවය කළ එතුමා ගායන සංගීතය පිළිබඳ I කොටස විභාගයට පෙනී සිටි අතර 1992 දී “නිපුන්” විභාගයෙන් ප්‍රථම පන්තිය ලබා මෙම ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය.

වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ..//
නීල නුවන් තරු කැට බොදවෙනවා
කාටත් හොර රහසේ..
https://youtu.be/wi3LpBIVhXQ

සීත රෑ යාමේ, මම නම් ආසයි අහන්න නයනා, වරදක් කළත් සිතකින් නොවෙයි, දඟකාර ඔය දෑස දුටුවා එදා, විකසිත වත කමලේ, එදා මෙදා තුර, ඇවිලුනු ගිනිදැල්, මුලු ලොව මගෙන් අසාවි, යශෝදරා, එක යායට මල් පීදුණු බිම් තීරේ, සොවින් පිරි මගේ හදවත, දූ අනුරාධා, ලස්සන නම් නෑ පෙනෙන්නේ, ඈත එපිට ගම්මානෙන්, බෝ මලුවේ මල් සුවඳක පැටලී, ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ, ආදර සැමරුම් කැටිවූ, පෙමාතුර හැඟුම්, වාසනා වේවා, මම නම් ආසයි අහන්න නයනා, නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්, මේ ප්‍රථම වසන්තයයි ආදී අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහු සිය රසිකයන් වෙත තිළිණ කළ අතර ඔහු ගායනා කළ බොහෝ ගීතයන් හි තනු නිර්මාණය කරනු ලැබුවේ ද ඔහු විසිනි.

මිහිරි යන වදන පමණක්
අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක්
මෙතෙක් නැහැ ඇසී

සොවින් පිරි මගේ හදවත
තුලින් මතූ වෙවි පිටවන
හෑගූම් කැටි ගැසී ගෙන දෙයි
සිතට වේදනා…

https://youtu.be/suWNq5u8t7E

‘සැඩොල් කඳුළු’, ‘හරි මග’, ‘හන්තානේ කතාව’, ‘සමනල කුමරියෝ’, ‘හතරවටේ’, ‘අහස් ගව්ව’, ‘දුලීකා’, ‘වසන්තේ දවසක්’, ‘සැනසුම’, ‘මංගල තෑග්ග’, ‘සළඹක් හඬයි’, ‘විරාගය’, ‘හංස විලාපය’, ‘ඉන්ද්‍රඛීලය’ වැනි චිත්‍රපට රැසක් සඳහා ද ඔහු ගීත ගායනා කරනු ලැබූ අතර ඒවා බොහෝමයක් ජනාධිපති, සරසවි ආදී සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ…
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා…
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්… සසරින්… එතෙර වෙලා..

https://youtu.be/5nWSiDsDB8o

1974 දී නන්දසිරි සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘ස්වර්ණ කුණ්ඩල’නමින් ආරම්භ කළ අතර එය පසුව ප්‍රසංග 250කට අධික සංඛ්‍යාවක් සඳහා එය ගෙන ගියේය. අනතුරුව 2015 දී නන්දසිරි විසින් ‘ප්‍රථම වසන්තයයි’ ප්‍රසංගය දියත් කළ අතර එහිදී ඔහුගේ දියණිය අනුරාධා ද මල්කාන්ති නන්දසිරි සමඟ ගායනා කළාය. පසුව, ‘දූ අනුරාධා’ නමින් ප්‍රසංගයක්ද ඇරඹීය. 1998 වර්ෂයේදී සංගීත අධ්‍යාපනය විධිමත්ව කරගෙන යාම සඳහා ‘ගාන්ධාරි’ නමින් අධ්‍යාපන මධ්‍යස්ථානය ආරම්භ කළේය. ඒ අනුව ඔහු සංගීතයෙන් ලත් ඥානනය සුවහසක් වූ සංගීත ලෝලීන් හා විද්‍යාර්ථයන්ට ලබා දෙමින් කරන ලද මෙහෙවර සුළුපටු නොවේ.
පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයෙන් පසු 2016දී සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්වූ සනත් නන්දසිරි මහතා 2018 ජනාධිපති විශේෂ සම්නායකින් පිදූ ලැබූ අතර 2019 දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඔහු ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

සංගීතයෙන් නිපුනව එහි අක්මුල් දැන සුභාවිත ගී කෙත අමන්දානන්දයට පත් කළ සනත් අවසානයේ ප්‍රථම වසන්තයට හඬගැසූ ප්‍රේමණීයම සිවර දැහැන විය.
අපත් මරණයේ දොරකඩ ; ඔබට සුබ ගමන් !

https://youtu.be/TPIZOUwTAxI
සටහන-සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan