දේශීය පුුවත් විස්තරය: සාරාංශය 04/02

Date:

  1. තමා ජනාධිපතිධුරය දරන තුරු රට තුළ නීතිය හා සාමය උල්ලංඝනය කිරීමට කිසිවකුට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
  2. ඉකුත් මාර්තු 28 දින කොලොන්නාව ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය (CPSTL) වෙත බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන වෘත්තීය සමිති නායකයන් සහ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් දියත් කරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පොලිස්පතිට යොමුකළ ලිපියක් මඟින් ඉල්ලා සිටියි.
  3. පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ පෙළපොත් සම්පාදනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන මෙන් ළමා කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මණ්ඩලයේ සභාපතිනි සමඟි ජන බලවේගයේ පා.ම. රෝහිණී විජේරත්න ඉල්ලා සිටියි.
  4. වත්මන් රජය ඩිජිටල්කරණය වූ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – මෙම ඩිජිටල්කරණය කඩිනම් කිරීම සඳහා රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම රජයේ කාර්යභාරය බව ද පවසයි.
  5. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන මෙන් බලකරමින් දියත් කළ අරගලයේ වර්ෂ පූර්ණය සනිටුහන් කරමින් ඔහුගේ නිවස ඉදිරිපිට අරගලයේ ක්‍රියාකරුවන් පිරිසක් විසින් විරෝධතාවයක් පවත්වා තිබේ – මෙහිදී විරෝධතාකරුවන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
  6. බොහෝ දේශපාලඥයන් කෙරේ ශ්‍රී ලංකා ජනතාවගේ දැඩි අප්‍රසාදයක් ගොඩනැඟී ඇති බව ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය (SLOTS) විසින් දියත් කළ සමීක්ෂණයක දී අනාවරණය වී තිබේ – මෙම සමීක්ෂණය විසින් සැලකිල්ලට ගනු ලැබූ සියලුම දේශපාලඥයන් පාහේ ශ්‍රේණිගත කිරීම්වලදී ප්‍රසාදය අතින් සෘණාත්මක ප්‍රතිචාරයක් ලබා ගෙන තිබේ – වැඩිම ප්‍රසාදයක් ලබා ගෙන තිබෙන්නේ පා.ම. සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ වන අතර, අවම ප්‍රසාදයක් ලබා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ය.
  7. කටුවාපිටිය දේවස්ථානයේ පුපුරුවා ගත් මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මිය ගිය බවට ඉදිරිපත් කරන තොරතුරු “ජාත්‍යන්තර වශයෙන් පිළිගත්” වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ අගරදගුරුතුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ඉල්ලා සිටිති – මේ පිළිබඳව රජයේ රස පරීක්ෂක විසින් තුන්වන වරට ඉදිරිපත් කරන ලද වාර්තාව ඊට ඉහත අවස්ථාවන්වල ඉදිරිපත් කළ වාර්තාවලට පරස්පර විරෝධී බව ද පවසති.
  8. රජය හදිසියේ වී මිලදී නොගෙන සිටීමට ගත් තීරණය නිසා ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් පුන්රල රත්නායක පවසයි – මීට ඉහත රජය විසින් පෞද්ගලික මෝල් හිමියන් හරහා වී කිලෝවක් රු. 100 බැගින් මිලදී ගත් බව ද පවසයි.
  9. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ ප්‍රධාන සාධකයක් ලෙස ඉන්දියානු රුපියල්වලින් වෙළඳාම් කිරීම පුළුල් කිරීම පිළිබඳව ඉන්දියාවේ මහ බැංකු (Reserve Bank of India) අධිපති ෂක්තිකාන්ත දාස් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ අතර සාකච්ඡාවක් පැවැත්වෙයි – විදුලිය, බලශක්තිය, වරාය, යටිතල පහසුකම්, සංචාරක කර්මාන්තය, සහ තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල ආර්ථිකයන් වඩාත් යහපත් ලෙස ඒකබාද්ධ කිරීමෙහි ලා ඉන්දියාවේ භූමිකාව පිළිබඳව ද සාකච්ඡා කෙරෙයි.
  10. දැනට පවතින ප්‍රති-ත්‍රස්ත පනතේ පිටපතට රජය විසින් මූලික සංශෝධනයන් කිසිවක් ඉදිරිපත් කරන්නේ නැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි – මෙම පනත ඉදිරිපත් කර තිබෙන්නේ, ප්‍රධාන වශයෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදය මැඬලීම සඳහා හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...