වැඩවර්ජනය තාවකාලිකව අවසන්. සෞඛ්‍ය සේවකයිනුත් දීමනා වැඩිකර ගනී

0
414

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (02) රාත්‍රියේ තීරණය කර තිබේ.

වෛද්‍යවරුන්ට ලබාදෙන DAT හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ට ද ලබාදෙන බවටත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු කරන බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් ලිඛිත දැනුම් දීමක් අනුව මෙම තීරණයට එළඹුණු බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

ඒ අනුව වැඩවර්ජනය සති තුනකට අත්හිටුවීමටයි වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.

RN