චීන ලොකු ලූනු ගෙඩියක බර 500gක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , කොළඹ (LNW): මේ වනවිට මෙරටට චීනයෙන් මහා පරිමාණයෙන් ලොකු ලූනු ආනයනය කර ඇති අතර, චීන ලොකු ලූනු ගෙඩියක බර කිලෝ බාගයකට වැඩි බව වෙළෙන්දෝ කියති.

මේ වනවිට චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු තොග පිටකොටුව තොග වෙළෙදසල්වල ගොඩගසා ඇති අයුරු දැකගත හැකි අතර, චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු ගෙඩියක් ග්‍රෑම් 500 ක් පමණ වන බවත්, එහි දියර ස්වභාවය වැඩි බවත් වෙළෙන්දෝ පවසති. එමෙන්ම, එහි සැර ගතියක් නොමැති බවත්, ආහාර ආදිය සැරසිලි කිරීම සඳහා චීන ලූනුවලට ඉල්ලුමක් පවතින බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ කියා සිටිති.

පිටකොටුව සිල්ලර වෙළෙඳ පොළේ චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකටද, පාකිස්තාන ලොකු ලූනු කිලෝවක් රුපියල් 500 කටද, තුර්කි ලොකු ලූනු කිලෝවක් රුපියල් 420 කටද අලෙවි කෙරෙන බව පැව්සේ.

පිටකොටුව එළවළු වෙළෙඳුන් පවසන්නේ, තුර්කි ලොකු ලූනු ප්‍රමාණයෙන් රතු ලූනු ගෙඩියකට වඩා මදක් විශාල වන අතර, එහි සැර වැඩි නිසා පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...