මොදිට එරෙහිව රාහුල් ගාන්ධි කේරළයෙන් මැතිවරණ තරඟයට

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මේ මාසයේ ආරම්භ වන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කේරළ ආසනයෙන් නාම යෝජනා භාර දී ඇති බව වාර්තා වේ.

අගමැති මොදිට එරෙහිව ඉහළට යන සටනක විපක්ෂ සන්ධානයේ ප්‍රමුඛතම පුද්ගලයා වන රාහුල් ගාන්ධිගේ නාම යෝජනා භාරදෙන අවස්ථාවට විශාල සෙනගක් පැමිණ සිටි අතර කේරලයේ වයනාද්හිදී ගාන්ධිට උණුසුම් පිළිගැනීමක් ලබා දෙන ලදී.

පැමිණ සිටින පිරිස අමතමින් රාහුල ගාන්ධි සඳහන් කර තිබුණේ, මම ඔබ ගැන හිතන්නේ මගේ ඡන්දදායකයා ලෙස නොව මගේ පවුල ලෙස බවයි.

කෙසේ නමුත් අප්‍රේල් 19 වෙනිදා සිට, අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහා මැතිවරණයේදී නව රජයක් තෝරා පත් කර ගැනීම සඳහා බිලියනයකට ආසන්න ඉන්දියානුවන් ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...