ජනතාව මුහුණ දෙන බරපතල අර්බුද ගැන අගමැතිගේ දැඩි අවධානය !

විදුලි කප්පාදුව, ඉන්ධන අර්බුදය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු හේතු කිහිපයක් නිසා රටේ සාමාන්‍ය ජනතාවට මුහුණ දී ඇති පීඩා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමුව ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනතාව විඳින පීඩා අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි මේ වනවිටත් අගමැතිවරයා අදාල බළධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ බොහෝ ගැටලු විසඳෙනු ඇති බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

අද දිනයේදී පැය 06 කට අධික විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත තිබූ නමුත් අගමැතිවරයාගේ මැදිහත්වීම මත එය පැයකුත් විනාඩි 40 කට සීමා කර තිබේ.

අලුත් අවුරුදු උත්සව සමය තුළදී විදුලි කප්පාදුව ඉතා අවම මට්ටමකින් පවත්වාගෙන යාමට ආණ්ඩුව සූදානම් වන අතර බඩුමිල අඩු කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව වෙළඳපොලට සැපයීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අගමැතිවරයා අවශ්‍ය නියෝග හා මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි

කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...