සමාජ මාධ්‍ය අවහිර කිරීම වහාම ඉවත්කර ගන්න – මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි

Date:

සමාජ ජාලා මාධ්‍ය සඳහා පනවා ඇති අවහිරතා වහාම ඉවත් කර ගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබෙනවා. විදුලි සන්දේශ නියාමන කොමිසම සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත මෙම දැනුම් දීම සිදු කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසන්නේ සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීම හේතුවෙන් විදුලි කප්පාදුව පිළිබඳව තොරතුරු විදුලි පාරිභෝගිකයන් වෙත දැනුම්දීම අපහසු වී ඇති බවයි. විදුලි කප්පාදුව පිළිබඳව දැනුවත්වීම සඳහා ජනතාව සමාජ ජාලා මාධ්‍ය භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.

මේ නිසා සමාජ මාධ්‍ය ජලා වෙත සිදුවන සියලු අවහිරතා කඩිනමින් ඉවත් කරන ලෙසයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා දැනුම් දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...