මහින්දත් එකඟවෙයි. භාරකාර ආණ්ඩුව හෙට හෝ අනිද්දා !

Date:

පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානය විසිනි.

අද දිනයේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා ටිරාන් අලස් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර ඇති අතර ඊට අග්‍රාමාත්‍යවරයා එකඟ වී ඇති බව සඳහන්.

ඒ අනුව බොහෝදුරට හෙට (04) හෝ අනිද්දා (05) දිනය වනවිට අලුත් කැබිනට් මණ්ඩලයක් සහිතව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...