රගර් මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට රවි නාගහවත්ත

Date:

කොළඹ (LNW): කෘතහස්ත ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ඉංග්‍රිසි සාහිත්‍යයේ නියැලෙන සුවිශේෂි ලේඛකයෙක් ද වන රවී නාගහවත්ත ශ්‍රී ලංකා රගර් හී මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට තේරී පත් වී ඇත.ක්‍රීඩා විෂයෙහි පමණක් නොවන විවිධ විෂයන් හී රවීගේ මාධ්‍ය හැසිරීම නැවුම් මෙන්ම ගවේෂණාත්මක කරුණු වලින් පෝෂණය වූවකි.කරුණු සොයා යාමේ පිපාසිත මාධ්‍ය භාවිතය හරහා ලද අත්දැකීම් ඔහුගේ නිර්මාණශීලී සාහිත ලේඛණයේ දී ද බෙහෙවින් වැදගත් වී ඇත.

රසවත් සහ හරවත් ලියන්නෙක් සේ මාධ්‍ය කේෂ්ත්‍රයේ මෙන්ම සාහිත්‍ය කේෂ්ත්‍රයේ ද පතල රවී ක්‍රීඩා මාධ්‍යවේදියෙක් සේ ද සුවිශේෂි කාර්යයක් ලංකාවේ ක්‍රීඩා මාධ්‍ය වෙනුවෙන් ඉටු කළ අයෙකි.වසර විසි හතක් පුවත්පත් මත ක්‍රීඩාව හා සබැඳි අපූරු අකුරු වියමනකින් රටා මැවූ රවී, රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයකින් යුතුව ලිවීමේ දීර්ඝ අත්දැකීම් ඇති අයෙකි.ඒ නිසා රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහු සතු අත්දැකීම් සමඟ නව තනතුර හරහා ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට විශාල සේවයක් කරනු ඇතැයි සිතිය හැකිය.

ක්‍රීඩාව සහ ඒ ආශ්‍රිතව රගර් සම්බන්ධයෙන් පළල් දැක්මකින් යුතුව ලේඛණයේ යෙදෙන රවීගේ සාහිත්‍යමය දායකත්වය ගැන කතා කරද්දී මඟ හැර යා නොහැකි කෘතියක් වන්නේ ‘Almond Street Cries’ නම් කෙටි කතා සංග්‍රහය ය.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ශිල්ප හදාරා ඇති රවී අදහස් ප්‍රකාශ කිරීමේදී සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් යන මාධ්‍ය දෙකෙන්ම දක්වන පරිනත භාවය ඉතා වැදගත් වේ.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...

වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...