දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/03

Date:

  1. වාර්තා වූ පරිදි ඉකුත් මාර්තු මුල කාලසීමාව තුළ රුපියලේ අගය අධිප්‍රමාණය වූයේ මහ බැංකුවේ විදේශ මුදල් මෙහෙයුම් නිසා නොවන බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිංහ පවසයි – රුපියලේ අගයේ වෙනස්වීම පිටුපස ඇති වෙළඳපොල තත්ත්වයන් ඉතාම රැවටිලිසහගත බව ද පවසයි – මාර්තු මස ආරම්භයේ මහ බැංකුව විසින් ඇ.ඩො. මිලියන 308 ක පමණ මුදලක් මිලදී ගැනීම මත ශ්‍රී ලංකාව තුළ ඩොලරයේ වටිනාකම කඩා වැටීම වළක්වා ගත් බවට මහ බැංකුව විසින් සිදුකරන ප්‍රකාශය හමුවේ තුෂ්නිම්භූත වෙයි.
  2. ඉකුත් වසර තුළ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් ද ඇතුළුව වෛද්‍ය නිලධාරීන් 700ක් පමණ ශ්‍රී ලංකාව හැර දමා ගොස් ඇති සහ විදෙස් රටවලට සංක්‍රමණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි – වර්තමානය වන විට සේවයේ යෙදෙන වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 20,000 පමණ බවත්, විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 2,800 පමණ බවත් පවසයි.
  3. ඉකුත් වර්ෂයේ පනවන ලද ජල ගාස්තු සංශෝධනයෙන් පසු මාසික බිල්පත් ගෙවීමට අසමත් වීම හමුවේ පාරිභෝගිකයන් 87,000 ක ගේ පමණ ජල සැපයුම කපා දැමීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කටයුතු කර ඇති බවට එම මණ්ඩලයේ නිලධාරියෙක් පවසයි.
  4. ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා පැමිණවූයේ යැයි කියමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් එම සංස්ථාවේ සේවකයන් පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කරගනිමින් එම සංස්ථාවේ වෘත්තීය සමිති සාමාජිකයන් පිරිසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවෙයි – මෙම ගැටළුව විසඳීමට හිටපු ජනාධිපතිවරයා මැදිහත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද පවසයි.
  5. කටාන, හල්පේ ප්‍රදේශයේ පිහිටි ඕමාන සමාගමකට අයත් ඇඟලුම් කම්හලකට ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයකු සමඟ සබඳතා ඇති මැර පිරිසක් විසින් පහර දී ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි – එම දේශපාලඥයා අත්අඩංගුවට ගන්නා මෙන් ඉල්ලා සිටියි – මෙම ප්‍රහාරයට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගමය විසින් ද ඉල්ලීමක් කර තිබේ.
  6. පෙබරවාරි 15 වන දින විදුලිය ගාස්තු ඉහළ දැමීමෙන් පසු රට තුළ විදුලිය පරිභෝජනය සියයට 20 කින් අවම වී ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි – ඇ.ඩො. බිලියන 03 ක ණය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කළ ද, විදුලිය සඳහා ඇති අඩු ඉල්ලුම රටේ ආර්ථික පුනර්ජීවනයට තර්ජනයක් විය හැකි බවට අනතුරු අඟවයි – විදුලිය කප්පාදු කිරීම් පවා සිදුවූ 2022 පෙබරවාරිවලට සාපේක්ෂව 2023 පෙබරවාරිවල විදුලිය පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් පහත ගොස් ඇති බව දත්ත පෙන්වා දෙයි.
  7. මූල්‍ය වාර්තාවල නිවරද්‍යතාව තහවුරු කරන මෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ෆයිසාල් සලේ විගණකවරුන්ගෙන් ඉල්ලීමක් කරයි – අධ්‍යක්ෂකවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ අභ්‍යන්තර ගනුදෙනු, වෙළඳපොල රැවටීම්, මිල වෙනස්කිරීම් ආදී අවදානම් සහ අනනුකූලතාවයන් අවම කිරීම සඳහා අවශ්‍ය පරිපාලන රාමුවේ, ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන්වල පරිපූර්ණ බව තක්සේරු කිරීමට විගණන පථය පුළුල් කළ යුතු බව ද පෙන්වා දෙයි.
  8. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් භාරත් ලාල් හමුවෙයි – ඵලදායී අධීක්ෂණ ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීම හරහා රට තුළ සිවිල් සේවය වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කරයි – ශ්‍රී ලංකාව තුළ පාලන හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටියි.
  9. වයිට් බෝල් ක්‍රිකට් නායක දසුන් ශානකට එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වේ – එසේ වුවහොත් ධනංජය ද සිල්වා හෝ කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් කරනු ඇත – වනිඳු හසරංග 20 – 20 තරඟාවලියේ නායකත්වය ලබනු ඇති බවට ඉඟි පළවේ.
  10. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු 20 – 20 තරඟයේ ත්‍රාසජනක සුපිරි පන්දුවාරයකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි – ශ්‍රී ලංකාව 196/5; නවසීලන්තය 196/8: සුපිරි පන්දුවාරය: නවසීලන්තය 8/2, ශ්‍රී ලංකාව පන්දු 3ක දී 11/0.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...