කුකුළු මස් සහ බිත්තර මිල ඉහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ , එළැඹෙන උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවයි. ඔහු සඳහන් කළේ, ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමේ අපහසුතා මත කුකුළු මස් කිලෝවක් රුපියල් 1,200 සිට රුපියල් 1,400 දක්වා මිල ඉහළ යා හැකි බවයි .

මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසූවේ ,

“වෙළෙඳ ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙන්නේ. මේවා නරක් වෙන නිෂ්පාදන. ශක්තිමත් වෙළෙඳ ජාලයක් තිබුණේ නැති වුණාම මිල උච්චාවචනය වීම අපිට නවත්වන්න බෑ. අවුරුදු සමයේ දිගු නිවාඩුවක් ලැබෙනවා. ඊළඟට උත්සව සමයත් එනවා එතකොට ඉල්ලුම වැඩිවෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා ඉල්ලුමට සැපයුම කරන්න පුළුවන් ද කියලා. එතකොට ඉල්ලුම සැපයුම අනුව තමා මිල තීරණය වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කුකුළු මස් කිලෝවක් රු 1,200ක් – රු 1,400ක් අතර දෝලනය වෙයි කියලා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...