වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂගේ රිට් පෙත්සමේ නියෝගය කල් යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර සිටින අතර, එම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 09 වනදා දක්වා කල් තැබීය.

අද (05) දින එම නියෝගය අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් විනිසුරුවරයා කියා සිටියේ, එම නියෝගය ලබන අඟහරුවාදා (09) ප්‍රකාශයට පත් කරන බවය.

අදාළ වෛද්‍යවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් , තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කරනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...