ජනපතිට ජන බලයක් තියෙනවා, මටත් තියෙනවා. ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ – ජොනී (VIDEO)

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක ජන බලයක් ලැබී ඇති බැවින් ඒ මහතා ඉල්ලා අස්වීමට අවශ්‍යතාවයක් නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා තමයි ජනතාව උද්ඝෝෂණය කරන්නෙ. එතුමා ඉල්ලා අස්වෙනවාද ?

“ජනාධිපතිතුමාට ජන බලයක් දීලා තියෙනවානෙ. 69 ලක්ෂයක් ඡන්දය දීලා තියෙනවානෙ. ඒ 69 ලක්ෂය වෙනුවෙන් එතුමා එහෙම ඉල්ලා අස්වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. කාටවුණත් කියන්න පුළුවන් ඉල්ලා අස්වෙන්න කියලා”

ප්‍රශ්නය – ඔබතුමාටත් ජන බලයක් තියෙනවාද ?

“ඔව්, මටත් ජන බලයක් තියෙනවා. ඒකනෙ මං ඉන්නෙ

ප්‍රශ්නය – ඉතින් ඇයි ඉල්ලා අස්වුණේ ?

“ඉල්ලලා අස්වුණේ ඉතිං කැබිනට් මණ්ඩලය කිව්වානෙ මේ ඔක්කොම අස්වෙමු ජනාධිපතිතුමාට අවශ්‍ය කැබිනට් මණ්ඩලය දාන්න කියලා. සමහර අය කිව්වානෙ අයින් කළ යුතුයි කියලා”

ප්‍රශ්නය – ඔබලාට තිබුණු ජන බලය දැනුත් තියෙනවා කියලා හිතනවාද ?

“ජන බලයක් තියන්න ඡන්දයක් තියන්න ඕනෙ නෙ”

ප්‍රශ්නය – ඒක තමයි, දැන් රටේ ජන බලයක් තියෙනවද ඔබතුමාලාට ?

“මම කියනවා, මම විශ්වාස කරනවා තියෙනවා කියලා. මේ තියෙන්නෙ අමුතු රැල්ලක්. මේ අපේ ජනතාව එහෙමම ඉන්නවා. අපි ඝට්ඨනවලට ගිහිල්ලා නෑ. ජනතාව බොහොම අමාරු කාලෙක යන්නෙ, අපි පිළිගන්න ඕනෙ. ඡන්දයක් තියන්න ඕනෙ ජනතාව කොහෙද ඉන්නෙ කියලා බලන්න. අපිත් එක්ක ඉන්නවද එහෙම නැත්නම් විපක්ෂය එක්ක ඉන්නවද කියලා”

ප්‍රශ්නය – දැන් ඒ කියන්නෙ 69 ලක්ෂය තාම ඉන්නවා ?

“නෑ, 69 ලක්ෂය ගැන නෙවෙයිනෙ මම කතා කරන්නෙ. ඔබතුමා ඇහුවෙ ඡන්ද තියෙනවාද කියලානෙ. ජනතාව ඉන්නවාද කියලානෙ. ජනතාව මනින්නෙ කොහොමද ? දැන් ඔබතුමාට පුළුවන්ද ගිහිල්ලා එක්කෙනා එක්කෙනා මේ 69 ලක්ෂය මෙහෙම තියෙනවා, අරයාට 55ක්, ඒකෙන් 10ක් අර පැත්තට කියලා කියන්න. ඡන්දයක් තියන්න ඕනෙ”

ප්‍රශ්නය – 69 ලක්ෂයේ මිනිස්සු නේද මේ උද්ඝෝෂණය කරන්නෙ ?

“මම දන්නෙ නෑ. මම නම් හිතන්නෙ නෑ. මම නම් හිතන්නෙ මේක විපක්ෂයේ සමහර අය මේවා කරලා තියෙනවා. හැබැයි සමහර අය අසහනයට පත්වෙච්ච අය ඉන්නවා. ලයිට් ප්‍රශ්නය, ඩීසල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය නිසාත් ජනතාව පාරට බැහැලා තියෙනවා. අපි පිළිගන්න ඕනෙ”

ප්‍රශ්නය – ඔබතුමා තාම කියන්නෙ මෙය අන්තවාදී ක්‍රියාවක් කියලාද ?

“අන්තවාදී ක්‍රියාවක් ඇතුළෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක හොඳට ඔබතුමාලා ඔය රවුම් කරලා බලන්නකො කවුද ඉන්නෙ කියලා”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...