ස්වාධීන වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක් – යළිත් එකතුවෙයිද ?

0
1669

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාම ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බව එම පක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් නොමැතිවීම හමුවේ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලය නොව සාමාන්‍ය බහුතරයද ආරක්ෂා කර ගැනීමට අවදානම් සහගත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ. ඒ අනුව දෙපාර්ශ්වය අතර මතුව ඇති ගැටලු විසඳා ගැනීම සඳහා සාකකච්ඡා පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනා අද පස්වරුවේ ජනාධිපති මන්දිරය වෙත කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ිව‍ශේෂ සාකච්ඡාවක් සඳහායි.

අද පස්වරු 4.30 ට මෙම සාකච්ඡාව ආරම්භවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here