අපේ ජීවිත අවදානම්, වහාම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – කාංචන විජේසේකර කතානායකගෙන් ඉල්ලයි

Date:

සාමකාමී උද්ගෝෂණ පැවැත්වීමේ අයිතිය රටේ ජනතාවට තිබෙන නමුත් කිසිවෙකුටත් දේශපාලනඥයන්ගේ ජීවිත හා දේපළවලට හානි කිරීමේ අයිතියක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසනවා. පසුගිය දින කිහිපය පුරා ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ජීවිත දැඩි අවදානමට ලක් වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

රටේ විවිධ ප්‍රදේශවල ජනතාව සාමකාමී ලෙස උද්ගෝෂණ, විරෝධතා පවත්වද්දී ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් උද්ගෝෂණ මුවාවෙන් විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වන බවද මන්ත්‍රීවරයා පවසනවා. මැති ඇමතිවරුන්ගේ නිවාසවලට අලාභ හානි සිදු කළේ මෙවැනි කණ්ඩායම් බව පෙන්වා දෙන විජේසේකර මහතා පවසන්නේ මේ නිසා ජනතාව විසින් සිදු කරන සාමකාමී උද්ගෝෂණද අවදානමට ලක්වන බවයි.

මෙම තත්වය මත මන්ත්‍රීවරුන්ගේ ජීවිත පිළිබඳ දැඩි අවදානමක් මතුව ඇති බව පෙන්වා දෙන කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව දැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඊට අදාල උපදෙස් පොලිස්පතිවරයා ඇතුළු අදාල අංශ වෙත කඩිනමින් ලබාදෙන ලෙසද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...