ස්වාධීන වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක් – යළිත් එකතුවෙයිද ?

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාම ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බව එම පක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් නොමැතිවීම හමුවේ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලය නොව සාමාන්‍ය බහුතරයද ආරක්ෂා කර ගැනීමට අවදානම් සහගත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ. ඒ අනුව දෙපාර්ශ්වය අතර මතුව ඇති ගැටලු විසඳා ගැනීම සඳහා සාකකච්ඡා පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනා අද පස්වරුවේ ජනාධිපති මන්දිරය වෙත කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ිව‍ශේෂ සාකච්ඡාවක් සඳහායි.

අද පස්වරු 4.30 ට මෙම සාකච්ඡාව ආරම්භවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...