පුටින් යුද අපරාධකරුවෙක් – ජෝ බයිඩන් යළිත් ලොවටම කියයි !

Date:

රුසියානු නායක ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා චෝදනා කරනවා. ඇමරිකානු නායකයා විසින් පුටින්ට යුද අපරාධ චෝදනා එල්ල කළේ දෙවැනි වරටයි.

බයිඩන් වැඩිදුරටත් පවසන්නේ පුටින්ගේ හමුදා යුක්රේන සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද අපරාධ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

යුක්රේනයේ කිව් අගනුවර ආසන්නයේ බුචා නමැති ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ යුක්රේන සිවිල් වැසියන්ගේ මළසිරුරු 300 ක් පමණ හමු වී තිබිණි. බයිඩන් දෙවැනි වරටත් පුටින්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ අදාල මළසිරුරු හමුවීමෙන් පසුවයි.

මෙම මළසිරුරු හමුවීමෙන් පසු යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි බුචා ප්‍රදේශයේ සංචාරය කළ අතර ඔහු එහිදී ප්‍රතිඥා දී තිබුණේ අදාල ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත වූ රුසියානු හමුදා සෙබළුන් නීතිය හමුවට පමුණුවා උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි. මෙම ඝාතන සඳහා වගකිව යුතු පුද්ගලයන් කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන සිදු කරමින් සිටින බවද ඔහු පවසනවා.

ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයද මෙම ඝාතන සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක්ද කැඳවා තිබෙනවා. යුක්රේන ජනාධිපතිවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම ඇමතීමටද නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...