එදා ජ.වි.පෙ. උපායමාර්ගය වී තිබුනේ ඉන්දියන් ආක්‍රමණිකයාට එරෙහි දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් හරහා සමාජවාදී රාජ්‍ය පිහිටුවීමයි..
අද මාළිමාව මෙන් එදා ඒ ඒසඳහා යොදාගත් ප්‍රචාරක නම “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” යන්නයි..
එළිපිට නොකීවට එදා අරගලයට සම්බන්ද උනු බොහෝ දෙනෙකුට තිබුන ගැටළුව නම් ගල් කටස්, සහ පරන බෝර දෙලහ තුවක්කුවලින් පහරදී ලෝකේ හයවෙනි හමුදාව පලවාහරින්නේ කෙසේද යන්නයි..
ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන විස්තර කෙරුනු ජ.වි.පෙ. තුන්වන පන්තියේ(පන්තිය කීයද දැයි හරියට මතක නැත) එයටද උතරයක් දී තිබින. එනම් ලෝකේ පලවෙනි හමුදාව පන්නා දැමීමට වියට්නාමයේ වියට්කොං ගරිල්ලන්ගේ දුෂ්කර අරගලය අනුගමනය කිරීමයි ..
ඒ කාලේ විජිත් විජිතමුණි යන නාවික සෙබලා විසින් (උතමාචාරය අතරෙ) රජීව් ගාන්ධිගෙ කොන්දට රයිපල් බට් එකෙන් ගහපු දවසට පහුවදාම පක්ෂෙන් පෝස්ටරයකුත් ගැහුවා ” විජිත් විජිතමුණිගෙන් ගිලිහුන අවිය ජාතිය අතට ගනිවු !” කියලා..
කෙසේ හෝ අපෙන් පහර කෑ ඉන්දියන් හමුදාවක් නම් කිසිදා රටේ සිටියේ නැතත් අරගල කල උන් හැට දාහක් පමණ ශ්‍රී ලංකා හමුදාව අතින් මියපරලව ගියා..
මෙහි ඇති විශේෂ කාරනය නම් ඉන්දියන් හමුදාව පන්නා දැමීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තුල අරගලකල අතිබහුතරයක් සටන්කාමීන් එක ඉන්දියන් හමුදා බටයෙක්වත් කිසිදා දැක නොතිබීමයි.. හේතුව දේශප්‍රේමී අරගලය තිබ්බෙ දකුණේ වූ අතර ඉන්දියන් හමුදාව සිටියේ උතුරේ වීමයි..
අද විතරක් නෙමේ එදත් හිටියෙ හතරකොන පැටලිලා..
අපරාදේ මැරිච්ච හැටදාහ ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
