ආරක්ෂක සහ බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම සඳහා නරේන්ද්‍ර මොදී ශ්‍රී ලංකාවේ සංචාරයක

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :තායිලන්තයේ පැවති සමුළුවකින් සහ කලාපීය ජාතීන්ගේ නායකයින් සමඟ පැවති රැස්වීම් මාලාවකින් අනතුරුව ආරක්ෂක සහ බලශක්ති සබඳතා පුළුල් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි මහතාට රතු පලස් එලා අගනුවර නිදහස් චතුරශ්‍රයේදී ඇති උත්කර්ෂවත්ව පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවෙන් විදෙස් නායකයන්ට පිරිනමන ඉහළම සිවිල් ගෞරවය වන මිත්‍ර විභූෂණ සම්මානය ද මෙහිදී පිරිනමා තිබේ.

පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් වාමාංශික දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු දිවයිනට පැමිණි පළමු විදේශීය ප්‍රභූවරයා ඉන්දීය නායකයා වේ.

මෙහිදී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ඉන්දියාවේ පුහුණු කිරීම මෙන්ම තොරතුරු හා තාක්ෂණ බෙදාගැනීම සඳහා දෙරට පස් අවුරුදු ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ අතර ඊට අමතරව විදුලිබල ජාල සම්බන්ධතාවය, ඩිජිටල්කරණය, ආරක්ෂාව සහ සෞඛ්‍ය සේවා පිළිබඳ ගිවිසුම් ද අත්සන් කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ, කලාපීය බලවතෙකු ලෙස පමණක් නොව ලෝක බලවතෙකු ලෙස ඉන්දියාවේ නැගීම ප්‍රශංසනීය බවත්, ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාව අඩපණ කිරීම සඳහා කිසිවෙකුට භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත්ය.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ දත්ත වලට අනුව, ශ්‍රී ලංකාව ඉන්දියාවේ EXIM බැංකුවට සහ ඉන්දියානු රාජ්‍ය බැංකුවට ඩොලර් බිලියන 1.36 ක පමණ ණය ගෙවිය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...