ආරක්ෂක සහ බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම සඳහා නරේන්ද්‍ර මොදී ශ්‍රී ලංකාවේ සංචාරයක

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :තායිලන්තයේ පැවති සමුළුවකින් සහ කලාපීය ජාතීන්ගේ නායකයින් සමඟ පැවති රැස්වීම් මාලාවකින් අනතුරුව ආරක්ෂක සහ බලශක්ති සබඳතා පුළුල් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෝදි මහතාට රතු පලස් එලා අගනුවර නිදහස් චතුරශ්‍රයේදී ඇති උත්කර්ෂවත්ව පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවෙන් විදෙස් නායකයන්ට පිරිනමන ඉහළම සිවිල් ගෞරවය වන මිත්‍ර විභූෂණ සම්මානය ද මෙහිදී පිරිනමා තිබේ.

පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් වාමාංශික දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු දිවයිනට පැමිණි පළමු විදේශීය ප්‍රභූවරයා ඉන්දීය නායකයා වේ.

මෙහිදී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ඉන්දියාවේ පුහුණු කිරීම මෙන්ම තොරතුරු හා තාක්ෂණ බෙදාගැනීම සඳහා දෙරට පස් අවුරුදු ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ අතර ඊට අමතරව විදුලිබල ජාල සම්බන්ධතාවය, ඩිජිටල්කරණය, ආරක්ෂාව සහ සෞඛ්‍ය සේවා පිළිබඳ ගිවිසුම් ද අත්සන් කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ, කලාපීය බලවතෙකු ලෙස පමණක් නොව ලෝක බලවතෙකු ලෙස ඉන්දියාවේ නැගීම ප්‍රශංසනීය බවත්, ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාව අඩපණ කිරීම සඳහා කිසිවෙකුට භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත්ය.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ දත්ත වලට අනුව, ශ්‍රී ලංකාව ඉන්දියාවේ EXIM බැංකුවට සහ ඉන්දියානු රාජ්‍ය බැංකුවට ඩොලර් බිලියන 1.36 ක පමණ ණය ගෙවිය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...