ට්‍රම්ප්ට මෑන්හැටන් නඩු විභාගයේ දී සාපරාධී චෝදනා 34ක් එල්ල වේ.

කොළඹ (LNW): හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඊයේ(04)දිනයේදී මෑන්හැටන් නඩු විභාගයේදී, සාපරාධී චෝදනාවන් 34ක් එල්ල වූ අතර, ඔහු එම අපරාධ චෝදනා 34ටම වරදකරු නොවන බව පිළිගත් බව වාරතා වේ.

පිටු 13 කින් යුත් ලේඛනයේ මෑන්හැටන් දිස්ත්‍රික් නීතීඥ ඇල්වින් බ්‍රැග් විසින් මෙහෙයවන ලද අතර මැන්හැටන් මහා ජූරි සභාවේ විමර්ශනය වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ගෙවා ඇති බව කියන ඩොලර් 130,000කට පමණක් වලංගු නොවූ අතර, ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම ඇතුලත් විය.

මේ සම්බන්ධයෙන් මැන්හැටන් මහා ජූරි සභාව ප්‍රකාශ කර තිබුණේ ඡන්ද දායකයන්ගෙන් තොරතුරු වසං කරමින් වංචනිකව හිටපු ජනාධිපතිවරයා තොරතුරු ව්‍යාජව වෙනස් කළ බවයි.

මෑන්හැටන් අපරාධ උසාවියෙන් පිටත හා ට්‍රම්ප් ටවර් අසල විරෝධතාකරුවන් සිය ගනනක් ට්‍රම්ප්ට සහයෝගය දැක්වීම පිණිස රැඳී සිටි අතර, අවසානයේ සුළු කලහකාරී අවස්ථා කිහිපයකින් පසු පෙළපාලි අවසානයේ සාමකාමීව අවසන් විය. කෙසේ නමුත් නිව්යෝක් නගරයේ 35,000ක පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා තිබිණ.

අවසානයේ ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පිහිටි ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවසේ දී ඔහු ප්‍රකාශ කර තිබුණේ ඇදහිය නොහැකි තරම්, අපි දැන් අසාර්ථක ජාතියක් බවත් අපි පිරිහෙන ජාතියක් බවත්, මේ රැඩිකල් වාම පිස්සන්ට අවශ්‍ය වී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කර අපේ මැතිවරණවලට ඇඟිලි ගැසීමට බවත්, එසේ වීමට ඉඩ ලබානොදිය යුතු බවත්ය.

සටහන-සශිකලා මධුෂාණී

වැඩිදුර කියවීම් සඳහා : ‘ට්‍රම්ප්ට හිරේ ගියත් දිනන්න පුළුවන්; දෙවියන් ඉන්නේ ඔහුගේ අතේ’

https://outboundtoday.com/hell-be-our-next-president-florida-protesters/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...