*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ටෙලිකොම් සභාපතිට සුඛෝපභෝගී වාහනයක් ලැබුනා ද?

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාට අති සුඛෝපභෝගී වාහනයක් ලබා දී ඇති බවත්, ආර්ථික අර්බුද තත්ත්වයක් තුළ මෙවන් ප්‍රදානයක් මුදල් අමාත්‍යංශය විසින් අනුමත කරන ලද්දේ කෙසේද යැයි ප්‍රශ්න කරමින් විවිධ වාර්තා පළවූ අතර, මේ පිළිබඳව අපි ඒ මහතා ගෙන් විමසීමක් කළෙමු.

අපට ප්‍රතිචාර දක්වමින් රොහාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, ලැබුනේ යැයි කියන වාහනය, අදාළ තනතුරට එවන් වාහනයක් අවශ්‍ය බවට වෘත්තීය මට්ටමින් සිදුකළ ඉල්ලීමක් මත, හෝ තමා විසින් කරන ලද පෞද්ගලික ඉල්ලීමක් මත ලැබුණු එකක් නොවන බවත්, එය සමාගම විසින් තමා දරන තනතුරට ලබා දුන් එකක් බවත් ය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා විසින් වර්තමානයේ භාවිතා කරන වාහනය 2020 වර්ෂයේදී ලබා දී ඇති අතර, ඊට හේතුව වන්නේ එතෙක් පැවති වාහනය වසර 06 කට වඩා පැරණි අලුත්වැඩියාවලට යටත්ව කි.මී 300,000 පදවා ඇති Land Cruiser V8 වාහනයක් වීම නිසා බව ඒ මහතා පැහැදිලි කළේය.

පහත දැක්වෙන්නේ මේ පිළිබඳව අප කළ විමසීමේදී ටෙලිකොම් සභාපතිවරයා විසින් ලබා දුන් සම්පූර්ණ ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි:

සභාපතිවරයාට සමාගම විසින් ලබා දුන් වාහනය, ඉල්ලීමක් හෝ සභාපතිවරයා විසින් කරන ලද පෞද්ගලික ඉල්ලීමක් මත ලැබුණු එකක් නොවේ.

සභාපතිවරයා විසින් වර්තමානයේ භාවිතා කරන වාහනය පිළිබඳව පැවසුවහොත්, ගැළපෙන වාහනයක් 2020 වර්ෂයේදී ලබා දුන් අතර, මීට හේතුව වන්නේ පැවති Land Cruiser V8 වර්ගයේ වාහනය වසර 06 කට වඩා පැරණි අලුත්වැඩියාවලට යටත්ව කි.මී. 300,000 ක් පදවා ඇති එකක් වීමයි.

මිල ගණන් සැසඳීමේදී, Land Cruiser V8 හි මිල Range Rover හි මිලට වඩා රු. මිලියන 10ක් වැඩි බව සමාගමට පෙනී ගියේය.

මාගෙන් විමසනු ලැබුවේ වඩාත් ලාභ විකල්පය වෙත යෑම සුදුසු ද යන්න පමණක් වන අතර, මා ඊට එකඟ නම්, එම වාහනය පෞද්ගලික මෝටර් රථ ආනයනකරුවකු විසින් ආනයනය කරන ලද්දක් බැවින් එය පරීක්ෂා කර බලන මෙන් ද මාගෙන් ඉල්ලා සිටිනු ලැබීය.

සභාපතිවරයාට ලැබී තිබූ වාහනය ලෙස වෙන් කළ පැරණි Land Cruiser රථය වෙන්දේසියකදී විකිණූ අතර, එමඟින් රු. මිලියන 23 ක් ලබා ගැනීමට හැකිවූ බව මම විශ්වාස කරමි, එබැවින් මෙම මුදල ද සැලකිල්ලට ගෙන පිටතට ගලා ගිය මුළු මුදල ගණනය කළ යුතුව තිබේ.

SLTMOBITEL හි සභාපතිවරයා ලෙස මා විසින් භාවිතා කරන්නේ එක් වාහනයක් පමණක් වන අතර, එය රාත්‍රියේ MOBITEL පරිශ්‍රයේ නවතා තබා ඇත.

මෙවන් ත්ත්වයකදී, සහ නිල වාහනය නඩත්තු හෝ අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකරන විට මා විසින් භාවිතා කරන්නේ මාගේ පෞද්ගලික වාහනයයි.

මීට පටහැනිව, 2020 ට පෙර සිටි සභාපතිවරයා විසින් ඔහුගේ අවශ්‍යතාවය සඳහා වාහන සමූහයක්ම භාවිතා කළ අතර, ආරක්ෂාව සඳහා PSD විසින් සපයන ලද උපස්ථ වාහන ද භාවිතා කර තිබිණි.

ඒ අනුව, මේ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මාගේ අන්තයෙන් ලැබෙන අතර, ඕනෑම කෙනෙකුට මේ පිළිබඳව සමාගමෙන් විමසා සිටිය හැකිය.

හොඳම ලාභ ලබන සහ ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 10 අතරට වර්ගීකරණය වූ දෙවන විශාලතම වෙළඳපොල හිමි සමාගමේ සභාපතිවරයාට වාහනයක් ලබා දිය යුතු ද? එසේ ලබා දිය යුත්තේ ඇයි?

සමාගමේ ස්ථාපනයන් සහ ස්විචයන් ස්ථාපිත කර ඇති කයිට්ස් සහ ඩෙල්ෆ්ට් දූපත් වැනි දුරස්ථ ස්ථාන ද ඇතුළුව දිවයිනේ ඈත කෙළවරවලට ගමන් කිරීමට සිදුවීම සලකා බැලීමේදී සභාපතිවරයකුට භාවිතා කිරීමට ලබා දිය යුතු සුදුසුම වාහනය කුමක්ද?

මෙවන් ගැටළුවක් පිළිබඳව පළමු අවස්ථාවේදීම තීරණයක් ගත යුත්තේ මහජනතාව ද? නැතිනම් අධ්‍යක්ෂක මණ්ඩලය ද?

මේ සම්බන්ධයෙන් සමාගමේ ප්‍රසම්පාදන අංශ වෙත සියලුම ක්‍රියා පටිපාටි සහ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව මට විශ්වාසයි.

මෙම වාහනය මිලදී ගැනීමේදී වංචනික කටයුත්තක් සිදුව තිබෙන්නේද, නැතිනම් වංචනික කටයුත්තක් සිදුවූ බවට චෝදනා තිබෙන්නේ ද, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල කතාන්දර පළ කිරීම වෙනුවට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට උපදෙස් දීම වඩා යහපත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan