පාර්ලිමේන්තුවට පිවිසිය හැකි බත්තරමුල්ල අපේ ගම ඉදිරිපිට මාර්ගයේ පැවති ජන විරෝධය අතරතුර හමුදා යතුරු පැදි කණ්ඩායමක් පැමිණීමත් සමඟ එහි තත්ත්වය උණුසුම් වී තිබුණි.
පොලීසිය විසින් ජනතාව පාලනය කරගෙන සිටි පසුබිමක එය කඩාකප්පල්කිරීමට හමුදා යතුරු පැදි පැමිණි බවටයි චෝදනාව එල්ල වී තිබුණේ.
මෙහිදී පොලීසිය හා හමුදාව අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු විය.
මෙහිදී හමුදා යතුරු පැදිකරුවන් කියා තිබුණේ ඉහළින් ලැබුණු නියෝගයක් මත එලෙස පැමිණි බවයි.
මේ අවස්ථාවේ උද්ඝෝෂණයේ නිරතව සිටි පුද්ගයන්ගෙන් ද හමුදා යතුරු පැදිකරුවන්ට එල්ල වුණේ දැඩි විරෝධයකි.
ASK