ජනාධිපතිකම හර්ෂට දෙන්න – හරීන්ගෙන් යෝජනාවක්

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

මෙහිදී එය භාරගැනීමට කිසිවෙකු හෝ නැත්නම් මාස හයක එම භාරකාර කාලය සඳහා හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පත්කරන ලෙසයි හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

”නාමල් රාජපක්ෂ මහත්තයා කිව්වා ගෝඨාභය ගියොත් මොකද කරන්නේ කියල. ඒකට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. පාර්ලිමේන්තුවට පුළුවන් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරන්න. මේ ලංකාවේ මිනිස්සු ජන්ද නෙවෙයි ඉල්ලන්නේ.මට ලොකු කණගාටුවක් තියෙනවා ජන්දයක් කරන්න පුළුවන්ද මිනිස්සුන්ට ලයිට් නැතිකොට. පෝලිම්වල තෙල් නැතිකොට. ඒ නිසා අංක එක වෙන්න ඕනේ මේ රට තුළ එකතු වෙන්න ඕනේ. ඒක බොහොම අවංක එකතු වීමක් වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ගෝ හෝම් නම් අයින් වෙන්න ඕනේ. හර්ෂ ද සිල්වා මෙතන ඉන්නවා. මේ පාර්ලිමේන්තුව දැන් එක තැනකට එන්න ඕනේ. මගේ පෞද්ගලික අදහස් මේක. කවුරුත් නැත්නම් හර්ෂ ද සිල්වාට දෙන්න ජනාධිපතිකම. ප්‍රශ්නයක් නැහැ. මාස හයකටයි. අපේ නායකතුමා ඉල්ලන්නේ නැහැ එතුමා ඉන්නේ ඊළඟ ජන්දෙන් එන්න ඉන්නේ. හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනේ.”

මේ අතර ඉදිරි වසරක කාලයක් සඳහා තමන්ගේ වැටුපද පරිත්‍යාග කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතාව දුක්විඳින විට එම ලක්ෂ දෙකහමාර ගෙන පලක් නැති බවයි ඔහු කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...