*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/06

01. 2022.07.20 වන දින අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වූ රහස් ඡන්දයේ ඡන්ද පත්‍රිකා විනාශ කර දැමූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි – පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ, 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 18 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය සහිතව බව ද පවසයි.

02. “Hyundai Marine” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිම් බ්යොංග් බූ ගේ ප්‍රධානත්වයෙන් යුත් දකුණු කොරියානු දූත පිරිසක්, දකුණු කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සහ පුහුණුව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි: ශ්‍රී ලාංකික තරුණයන්ට දකුණු කොරියාවේ වැඩි වශයෙන් රැකියා අවස්ථා ලබා දීම තම සමාගමේ අපේක්ෂාව බව ද පවසයි.

03. තවමත් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ වෘත්තීය සමිති නායකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි – රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ පනතට අනුව ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව පවසයි – කිසිඳු වෘත්තීය සමිති නායකයකු මෙතෙක් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බව ද පවසයි.

04. 2023 වර්ෂයේ සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව සැලකිය යුතු මට්ටමේ අභියෝගවලට මුහුණ දෙනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි – ආර්ථිකයේ මූලික තත්ත්වය (baseline scenario) අනුව, ඉල්ලුම අඛණ්ඩව අඩුවීම, රැකියා සහ ආදායම් අලාභ උත්සන්න වීම, සහ සැපයුම්කරුවන්ගේ බාධාවන් නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑම ආදී කරුණු මත, පෙර වසරේ පැවති සියයට 7.8 ක ආර්ථික හැකිලීමෙන් අනතුරුව 2023 දී ආර්ථිකය සියයට 4.3 කින් හැකිලෙනු ඇති බවට පුරෝකථනය කරයි – බාහිර ණය සහ ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම මඟින් ණය තිරසාරභාවය ලබා ගත හැකි වනු ඇති බව ද පවසයි.

05. යෝජිත “ත්‍රස්ත-විරෝධී පනත” මඟින් සාමාන්‍ය පුරවැසියන් ද ත්‍රස්තවාදීන් යැයි ලේබල් වනු ඇති බවට දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ අනතුරු අඟවයි – රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සැපිරීමට ආණ්ඩුව විසින් දුප්පත් සහ අසරණ ජනතාව, වැඩ කරන ජනතාව සහ මධ්‍යම පාන්තික ජනතාව වෙත බර පටවා ඇති බවට චෝදනා කරයි – ජනතාව විසින් දියත් කරන විරෝධතා සහ උද්ඝෝෂණ මැඬපැවැත්වීමට පාලක පන්තියට අවශ්‍ය බවත්, ජනතාවගේ විසම්මුතිය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විසින් භාවිතා කරන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රමවලින් එකක් ලෙස මෙම පනත ක්‍රියාත්මක කිරීම හැඳින්විය හැකි බව ද අවධාරණය කරයි.

06. පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට අසමත් වූ රජයේ ආයතන පවත්වා ගැනීමට භාණ්ඩාගාරයට තවදුරටත් හැකියාවක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි – ක්‍රමෝපායික වැදගත්කමක් ඇති රජයේ ආයතන 52 කින් 39 ක් ලාභ ලබන බවත්, 13 ක් පාඩු ලබන බවත් පවසයි – මෙකී පාඩු ලබන ආයතන 13 ලබා ඇති පාඩුව රු. මිලියන 1,029 ක් වන අතර, ලාභ ලබන ආයතන 39 ලබා ඇති ලාභය රු. බිලියන 218 බවත් පවසයි – වාර්ෂිකව සිදුවන සමස්ත පාඩුව රු. බිලියන 811 කට අධික බවත්, ලාභ ලබන ආයතන විසින් භාණ්ඩාගාරයට ගෙවිය යුතු බදුවලින් ගෙවා ඇත්තේ රු. මිලියන 29 පමණක් බවත් පවසයි.

07. පළාත් පාලන මැතිවරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී නැති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි – අධිකරණ නියෝග පිළිබඳ පැහැදිලි කිරීම් ලබා දීමට ස්වාධීන ආයතනයක් වන ශ්‍රේෂ්ඨාධිකරණය කිසිඳු පුද්ගලයකු හෝ ආයතනයක් වෙත කැඳවිය යුතු නැති බව අවධාරණය කරයි – අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරමින් ඒ දෙස බලා සිටින මෙන් සියලු රජයේ සහ අනෙකුත් ආයතනවලින් ඉල්ලා සිටියි – අධිකරණ ක්‍රියාවලියට බාධා පැමිණවීම භයානක පූර්වාදර්ශයක් සපයන බව ද පෙන්වා දෙයි.

08. ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක ගමන් කරන අතර, 2024 දී ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වීමට පෙර 2023 දී තවදුරටත් හැකිලෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන වාර්ෂික ආර්ථික ප්‍රකාශනය වන Asian Development Outlook (ADO) හි 2023 අප්‍රේල් වාර්තාව මඟින් පෙන්වා දෙයි – ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2022 දී සියයට 7.8 කින් හැකිලී ගොස් ඇති අතර, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ අභියෝගය සහ ගෙවුම් ශේෂ දුෂ්කරතා මධ්‍යයේ, මෙම වසරේ දී සියයට 3 කින් හැකිලෙනු ඇති බව ද පුරෝකථනය කරයි – 2019 බදු කප්පාදු ආපසු හැරවීම වැනි ප්‍රතිසංස්කරණ පියවර යෝජනා කර සිටියි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාර වනු ඇති බව ද පවසයි.

09. පාතාල සාමාජිකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ මරණයට පත්ව ඇත්තේ හෘද්‍යාබාධයකින් බවට ඔහුගේ නඩුවේ අවසන් වාර්තාව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය පවසයි – අංගොඩ ලොක්කාගේ දේහය 2020 ජූලි මස චෙරන් මා නගර් ට යාබද බලාජි නගර් හි කුලියට ගත් නිවසක තිබී හමුවිය.

10. Sony Pictures Networks India (SPN) ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ 2027 මාර්තු දක්වා ඉදිරි වසර හතරක කාලය තුළ විකාශනය කිරීම සඳහා තම සුවිශේෂී ගෝලීය මාධ්‍ය හිමිකම් හවුල්කාරිත්වය දීර්ඝ කරයි – ඒ අනුව, එම ආයතනය විසින්, අප්‍රේල් මස මැද සිට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෝලීය වශයෙන් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ පිරිමි ක්‍රිකට් තරඟ සැමට පෙර රූපවාහිනියේ සහ අන්තර්ජාලයේ සජීවීව (livestream) විකාශනය කිරීමට නියමිතය – කෙසේවෙතත්, රූපවාහිනී අයිතිය පමණක් ඇති ශ්‍රී ලංකාවේ මෙය සිදු නොවනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan