රනිල් ඔයා පොල්කට්ටේ හැංගෙන්න අපි මේ පනත පරාජය කරනවා – අන්තරේ (VIDEO)

Date:

කොළඹ LNW :ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීම වෙනුවෙන් නැවත අරගලයක් ඇති වීම වැලැක්වීම සඳහා නිරන්තරයෙන් ආණ්ඩුව කල්පනා කරමින් සිටි අතර මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නම වෙනස් කර පෙරටත් වැඩ බලතල වැඩි කරමින් ත්‍රස්ත විරෝධී පනත නමින් ගෙන විත් ඇති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙන්වාදෙයි.

එය බරපතල ප්‍රශ්නය මතුකරමින් තිබෙන බවයි මුදලිගේ සඳහන් කරන්නේ.

ජනතාව මේ මොහොත වනවිටටැහැ විවිධ ඉල්ලීම් මුල්කරගනිමින් අයිතීන් දිනාගැනීම වෙනුවෙන් මහපාරට පැමිණ සිටින අතර ආණ්ඩුව කළ යුත්තේ එම ප්‍රශ්න සඳහා පිළිතුරු දීම වුවත් ජනතා විරෝධය මර්දනය කරන්න නැවත වටයකින් ත්‍රස්ත විරෝධී පනත ගෙනවිත් ඇති බව හෙතෙම කියාසිටියි.

ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ජන මතය මර්දනය කිරීම වුවද ඊට ඉඩදීමට සූදානම් නැති බවත් මෙම පනත පරාජය කිරීමට කරන බවත් රනිල් වික්‍රමසිංහ යනු තනි මිනිසෙක් වන බවත් ඔහුට ජනතා පරමාධිපත්‍යයක් නැති බවත් වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...