*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අහිමි වෙන්නට ගිය අත යළි බද්ධ කරයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් , ශරීරයෙන් වෙන් වූ අතක් සාර්ථකව බද්ධ කිරීමට සමත් වී ඇත.
ඥාති පවුල් දෙකක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකු මන්නයකින් පහර දීම හේතුවෙන් 21 හැවිරිදි තරුණියෙකුගේ වම් අත වෙන්වී ඇත.

අතෙහි වෙන්වූ කොටස, අයිස් යෙදූ කවරයක බහා ගෙනැවිත් ඇති අතර මධ්‍යම රාත්‍රියේ පැය 4 ක පමණ කාලයක් මෙම සැත්කම සිදුකර තිබේ.

සාර්ථකව ශල්‍යකර්මය නිම කිරීමෙන් අනතුරව, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ තරුණියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තාවෙයි.

නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය මෙන්ම සෞඛ්‍ය සහායක කණ්ඩායම් හා ලේ බැංකුව වැනි විශාල පිරිසකගේ සහාය මීට ලැබී තිබේ.

අකාලයේ අහිමි වන්නට ගිය අත ශ්‍රී ලංකා දක්ෂ වෛද්‍යවරුන්ගේ උත්සාහය මත නැවත ප්‍රාණවත් කරනු ලැබීය. මෙවන් දක්ෂ වෛද්‍යවරුන් රටට අභිමානයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan