අහිමි වෙන්නට ගිය අත යළි බද්ධ කරයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් , ශරීරයෙන් වෙන් වූ අතක් සාර්ථකව බද්ධ කිරීමට සමත් වී ඇත.
ඥාති පවුල් දෙකක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකු මන්නයකින් පහර දීම හේතුවෙන් 21 හැවිරිදි තරුණියෙකුගේ වම් අත වෙන්වී ඇත.

අතෙහි වෙන්වූ කොටස, අයිස් යෙදූ කවරයක බහා ගෙනැවිත් ඇති අතර මධ්‍යම රාත්‍රියේ පැය 4 ක පමණ කාලයක් මෙම සැත්කම සිදුකර තිබේ.

සාර්ථකව ශල්‍යකර්මය නිම කිරීමෙන් අනතුරව, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ තරුණියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තාවෙයි.

නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය මෙන්ම සෞඛ්‍ය සහායක කණ්ඩායම් හා ලේ බැංකුව වැනි විශාල පිරිසකගේ සහාය මීට ලැබී තිබේ.

අකාලයේ අහිමි වන්නට ගිය අත ශ්‍රී ලංකා දක්ෂ වෛද්‍යවරුන්ගේ උත්සාහය මත නැවත ප්‍රාණවත් කරනු ලැබීය. මෙවන් දක්ෂ වෛද්‍යවරුන් රටට අභිමානයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...