ශ්‍රී ලාංකිකයින් ප්‍රාණ ඇපයට ගත් පාකිස්තානුවන් 04ක් නේපාලයේදී කොටුවේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් 04 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේපාල පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතික සැකකරුවන් කැනඩාව සහ රුමේනියාව යන රටවල රැකියා ලබාදෙන බවට ව්‍යාජ තොරතුරු ලබා දී අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාගෙන් මුදල් ලබාගෙන ඇති බව නේපාල පොලීසිය පවසයි.

එම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාට පාකිස්තාන ජාතිකයින් විසින් පහර දී වධ හිංසා පමුණුවා තර්ජනය කර විදෙස් ගමන් බලපත්‍ර ද පැහැරගෙන ඇති බවට අනාවරණ වී ඇති අතර, අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ශ්‍රී ලංකාවට නැවත එවීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව නේපාල පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් පැහැර ගැනීම් සහ මිනිස් ජාවාරම් යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...