ශ්‍රී ලාංකිකයින් ප්‍රාණ ඇපයට ගත් පාකිස්තානුවන් 04ක් නේපාලයේදී කොටුවේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු රැකියා සඳහා විවිධ යුරෝපීය රටවලට යවන මුවාවෙන් ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයින් 04 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේපාල පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතික සැකකරුවන් කැනඩාව සහ රුමේනියාව යන රටවල රැකියා ලබාදෙන බවට ව්‍යාජ තොරතුරු ලබා දී අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාගෙන් මුදල් ලබාගෙන ඇති බව නේපාල පොලීසිය පවසයි.

එම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනාට පාකිස්තාන ජාතිකයින් විසින් පහර දී වධ හිංසා පමුණුවා තර්ජනය කර විදෙස් ගමන් බලපත්‍ර ද පැහැරගෙන ඇති බවට අනාවරණ වී ඇති අතර, අදාළ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ශ්‍රී ලංකාවට නැවත එවීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව නේපාල පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් පැහැර ගැනීම් සහ මිනිස් ජාවාරම් යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...

නුවර මිනිස්සුන්ට රෙදි විසික්කරන්න ගිය SJB සුජීවට මන්ත්‍රී තනුර ලුණු ඇඹුල් ඇතුව අමතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් මහනුවර...

ජපානයේ කාන්තාවක් මානව සහකරුවෙකු වෙනුවට ChatGPT කෘතීම සහකරුවෙකු සහේට ගනී!

සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW):  කෘත්‍රිම බුද්ධියේ ආචාර...

ශ්‍රී ලංකා රජය IMF වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර කෙබඳුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : දිට්වා' සුළි කුණාටුවෙන්...