*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි වේ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW): අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා ඉහළ දමා ඇති අතර, ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව මහනගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති අතර ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇති බව පැවසේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව ද රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan