බැසිල් නැවතත් රනිල් හමුවෙයි. තීන්දුව සති හතකට කල් ඇදෙයි !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහව පසුගිය සතියේ දවසක (04) හමුවෙලා.

ඒ, ඉදිරි මැතිවරණ ගැන එකඟතාවකට එන බලාපොරොත්තුවෙන්. ( මේ බැසිල් ඇමරිකාවෙ ඉඳන් ආවාට පස්සේ රනිල්ව හමුවුණු හතරවෙනි වතාව ලු)

ඒත් ජනාධිපතිවරයා එතැනදී බැසිල්ට කියලා තියෙන්නේ මීළඟට එන්න නියමිත ජනමත සමීක්ෂණ වාර්තාවත් බලලා, ඒකෙන් පස්සේ තමයි තීන්දුවක් ගන්න වෙන්නේ කියලා ලු.

ඒ සමීක්ෂණ වාර්තාව එන්න තව සති හතක් විතර යාවි කියලාත් ජනාධිපතිවරයා කිව්වා ලු.

ඒ අනුව ජුනි මාසෙ වෙනකල්ම තීරණයක් නැතිවම වැඩේ ඇදෙන තත්වයක් තමයි දැනට පේන්න තියෙන්නේ ….

කොහොමටත් ඉතින් ප්‍රශ්නෙකදී තීන්දුවක් ගන්නෙ නැතුව වැඩේ කල්දාන එක කලාවක් නම් රනිල් කියන්නෙ ඒකට පිකාසෝ කෙනෙක් තමා !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...