*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඉවසන ජනපති කලාපය ඇමතූ හැටි..

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිවරයා වශයෙන් මෙරට සහ කලාපීය වශයෙන් සියලු අංශ කෙරෙහි අවධානය යොමු කිරීමටත් අර්බුද හමුවේ මහත් වූ ප්‍රරිශ්‍රමයක් දරා රට වැසියන් ආරක්ෂා කිරීමටත් එතුමන්ට වගකීමක් ඇත. ඒ අනුව,
පීඩා විඳින ජනතාව ගොඩ ගැනීම සඳහා කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යයි – ජනාධිපති කියයි

ගෝලීය අර්බුද සමඟ එක්ව, නරක අතට හැරෙමින් පවතින ආර්ථික තත්ත්වයන්ගෙන් පීඩා විඳින ජනතාව ගොඩ ගැනීම සඳහා අන්තර්ජාතික සහ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් සමුළුව අමතමින් පැවසීය.

​ප්‍රථම වරට මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන 5 වැනි බිම්ස්ටෙක් සමුළුව සඳහා ඔබව පිළිගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. මෙම සමුළුව සංවිධාන කිරීමට වෙහෙස මහන්සි වූ බිම්ස්ටෙක් මහ ලේකම්තුමා, ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලුම දෙනාට ස්තූතිය පළ කරනවා. අද අප හමු වන්නේ අප සියලු දෙනාටම අභියෝගාත්මක මොහොතකයි. කොවිඩ් වසංගතයත් සමඟ ලෝකය මේ සියවසේ දරුණුම අර්බුදයකට මුහුණ දී ඇත. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා ලැබීම සහ අහිමි වූ ජීවිත සඳහා මාගේ බලවත් සංවේගය පළ කර සිටිනවා. වසංගතය සියලු ජාතීන්ට දරුණු ලෙස බලපෑවා. බොහෝ රටවලට සැලකිය යුතු ආර්ථික, සමාජීය සහ දේශපාලන වෙනස්කම්වලට මුහුණ දෙන්න සිදු වුණා. එහි බලපෑම ගෝලීය ආර්ථිකයට අඛණ්ඩ බලපෑමක් සිදු කරන අතර ඉහළ යන තෙල් මිල, ප්‍රවාහන ගාස්තු සහ සැපයුම් සීමා කිරීම් ලොව පුරා උද්ධමනය ඇති කර තිබේ. ඉහළ යන ජීවන වියදම සමඟින් ගණනය කළ නොහැකි ව්‍යාපාර සංඛ්‍යාවක් වසා දැමීම නිසා මිලියන ගණනක් තම ජීවනෝපාය අහිමි වීමෙන් පීඩා විදින අතර, ආර්ථික අවස්ථා පටු වීම සහ සමහර අවස්ථාවල සමස්ත කර්මාන්ත කඩා වැටීම දක්නට හැකි වුණා. මෑත කාලයේ ඇති වූ අනෙකුත් ගෝලීය අර්බුද සමඟ එක්ව, මෙම නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයන් විශේෂයෙන්ම මිලියන ගණනක් දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනගහනයක් ඇති සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සෘණාත්මක බලපෑමක් ඇති කර ඇත. මෙම තත්ත්වයෙන් ගොඩඒම සඳහා ඉදිරි මාස සහ වසරවල අන්තර්ජාතික සහ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය වනු ඇත.

වසංගතයට එරෙහි පූර්ව ක්‍රියාමාර්ග තුළින් විශාල ජීවිත හානි වළක්වා ගැනීමට හැකි වීම, ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයකි. ශක්තිමත් මහජන සෞඛ්‍ය ව්‍යුහය සමඟින්, සමස්ත රජයේ එන්නත්කරණ ප්‍ර වේශය මඟින්, වයස අවු. 12ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් 82%කට වැඩි ප්‍රමාණයක් දැනටමත් පූර්ණ වශයෙන් එන්නත්කරණය කර ඇති අතර, 54%ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත. මෙය අපට බොහෝ සමාජ සීමාවන් අවම කර යම් මට්ටමක සාමාන්‍ය තත්ත්වයකට පැමිණීමට ඉඩ සලසා ඇත. කෙසේ වෙතත්, අනෙකුත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම, වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක විශේෂයෙන් ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපා ඇත. 2020 සහ 2021 වසරවලදී වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති සීමාවන් අපගේ ආර්ථිකයේ සෑම අංශයකටම බරපතළ ලෙස බලපෑවේය. සංචාරක ව්‍යාපාර ආදායම අහිමි වීම සහ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අහිමි වීම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන්වලට පිරිවැය දැරීමට සිදුවීම සහ වසංගතයෙන් තම ජීවනෝපාය අහිමි වී පීඩාවට පත් වූවන් සඳහා සුභසාධනය සැපයීම, ඉහළ යන ගෝලීය උද්ධමනය සහ අපගේ පැරණි ණය සේවා වගකීම් සමඟ ඒකාබද්ධ වී වර්තමානයේ ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත්, කාලයක් මුළුල්ලේ අත්හදා බැලූ අප ජනතාවගේ විශිෂ්ට ශක්තිය සහ ප්‍රස්ථතාව සහ අපගේ කලාපීය සහ අන්තර්ජාතික හවුල්කරුවන්ගේ සහයෝගීතාව සමඟ ශ්‍රී ලංකාව මෙම දුෂ්කරතා ජයගෙන වේගවත් ආර්ථික ප්‍රකෘතියක් ඇති කරනු ඇතැයි මාගේ විශ්වාස යයි. මෙම ප්‍රයත්නය සඳහා බිම්ස්ටෙක් සාමාජික රටවල් කිහිපයක සහයෝගය මා විශේෂයෙන් අගය කරනවා. ජනාධිපති වරයා මෙහිදී මෙම අදහස් දැක්වීය.

ඇත්ත Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan