නවලෝක සහ ආසිරි රෝහල් තුළ සැත්කම්වල ප්‍රශ්නයක් නැහැ – රෝහල් වෙතින් තහවුරුවක්!

නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් නවලෝක සහ ආසිරි පෞද්ගලික රෝහල් තුළ සැත්කම් බොහෝ ප්‍රමාණයක් නතර කිරීමට සිදුව ඇතැයි තොරතුරු වාර්තා වන බවට පළකර තිබෙන ප්‍රවෘත්තිය නිවැරදි බවක් නැතැයි එම රෝහල් දෙකෙහිම ප්‍රකාශකයින් දෙදෙනෙකු සඳහන් කරන ලදී.

ඒ අනුව පිළිතුරු දීමේ අයිතිය තහවුරු කරමින් රෝහල පාර්ශවයෙන් අප වෙත අවධාරණය කළ කාරණයද අපි වාර්තා කර සිටිමු.

ඔවුන් පැවසුවේ මෙම පෞද්ගලික රෝහල් තුළ සැත්කම් සම්බන්ධයෙන් එවැනි ප්‍රශ්න සහගත තත්ත්වයක් මතුව නැති අතර සාමාන්‍ය පරිදි රෝහලේ කටයුතු සිදුවන බවයි.

මෙහිදී ආසිරි රෝහලේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ ඔවුන් සතුව සෑම අවස්ථාවකම ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළු අවශ්‍ය දෑ සංචිතයක් ලෙස පවත්වාගෙන යන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...

මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ලාහෝර්හි පැවති එක්දින...

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...