මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගෙනුත් ලංවිමට මිලියන 02 ක පොල්ලක් ?

Date:

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට අයත් හෝටලයකට ලබාගත් විදුලිය සඳහා ගෙවිය යුතු හිග මුදල් රුපියල් මිලියන 02 කට වැඩි ප්‍රමාණයක් එකතු වී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. අදාල හෝටලයේ හිග විදුලි බිල මේ වනවිට රුපියල් ලක්ෂ 21 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

ජනක රත්නායක මහතාට අයත් මෙම හෝටලය කොළඹ 07, ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ජනක රත්නායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ විදුලි බිල්පත් පියවීම සඳහා හෝටල් කර්මාන්තය වෙත ලබා දී ඇති සහන කාලය මත මෙම හිග මුදල එකතු වී ඇති බවයි. මේ වනවිට අදාල හිග මුදල් පියවමින් සිටින බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...