චාමර සම්පත් යළි රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා යළි එළෙඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ, අද (07)බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට පත්වන්නේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාල සීමාවේ සිදුකරන ලද දුෂිත ගණුදෙනු තුනකට අදාළවය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එම චෝදනා ගොණු කර තිබුණි.

රාජ්‍ය බැංකු දෙකකින්, රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඌව පළාත් සභාවට ලබා ගෙන එම මුදල් චාමර සම්පත් දසනායක මහතාගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම ඔහුට එල්ලවන එක් චෝදනාවකි.

අනෙක් චෝදනාව වන්නේ තවත් රාජ්‍ය බැංකුවතකින් පළාත් සභාවට ලබා ගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බැංකු ශාඛාවකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීමයි.

තුන්වන චෝදනාව වන්නේ තවත් රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා, කළමණාකාරවරයා එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පළාත් සභාව පවත්වාගෙන ගිය ස්ථාවර තැම්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් මිලියන 23ක පාඩුවක් රජයට සිදු කිරීමයි. උක්ත සෙසු චෝදනා දෙකට ඔහුට ඇප හිමි වුවද රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුව ඇත්තේ තුන්වෙනි චෝදනාව ප්‍රකාරවය.

ඒ අනුව එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පසුගිය (27) වැනිදා මන්ත්‍රීවරයා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...