අපිව කෙඳිරිගාවන එක හිතන තරම් ලේසි නෑ – CID එකෙන් පිටව යමින් නාමල් කියයි!

කොළඹ LNW: සැලැස්මක් නොමැතිව රටක් පාලනය කරන්න ගොස් අමාරුවේ වැටුණ පසු අපව හිරේ දමා ආණ්ඩුවට සිට පාලනය කරගෙන යාමට හිතනවා නම් ආණ්ඩුවට වැරදි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඉන් පත්ව යමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප මත නිදහස් කරන ලද ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති මන්ත්‍රීවරයාගේ මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ඔහුව කැඳවා තිබුණි.

”මේ දවස්වල අපට වඩා ආණ්ඩුව කෙඳිරි ගානවා. ආණ්ඩුව කෙදිරි ගාන්න ගාන්න අපව CID ගේනවා. ආණ්ඩුව හිතනවා ඊටපස්සේ අපි කෙඳිරි ගායි කියල. ආණ්ඩුව අපට කෙඳිරි ගාන්න කියල මේ රටේ ජනතාවට කෙඳිරි ගාන තැනට රටේ ආර්ථිකය වට්ටන්න එපා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් කරුණාකරලා ඉල්ලන්නේ මැතිවරණ කාල සීමාවේ වුණත් අපිට එන්න කිව්වම අපි ඇවිත් සහයෝගය දෙනවා. හැබැයි ඉතින් ඔබ මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු තියෙනවා. පොරොන්දු ඉෂ්ට කරන්න. සමහර ආණ්ඩුවල ඉන්න මැති ඇමැතිවරුත් හිතනවා මේක තමා ලේසිම ක්‍රමය ජනතාවගේ ප්‍රශ්න මඟ හැරගන්න. දැන් රැකියා අහිමි වෙනවා. ඇමරිකාව අලුතෙන් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. අපේ ආණ්ඩු බුදියගෙන ඉඳල නින්දෙන් නැගිට්ට වගේ කමිටුවක් පත්කරලා ඇමරිකන් ජනාධිපතිවරයා එක්ක සාකච්ජා කරනවලු. මේක මාස දෙක තුනකට කලින් ඉදන් පාර්ලිමේන්තුවේ සාකච්ජා වුනා. ඒ වෙලාවේ කළේ රාජපක්ෂලා ගැන හොයනවා කියා කියා හිටියා. නැත්නම අපි ඇමතිවරු මෙච්චර හිරේ දානවා අච්චර හිරේ දානවා කියා කියා හිටියා. ජනාධිපතවරයා වුණත් වේදිකාවට නැගල ඒ මුහුණ දෙන්න වෙන අභියෝග ගැන කිව්වේ නැහැ. හැබැයි බන්ධනාගාර ගතකරන ඒවා ගැන ජනාධිපතිවරයා කියනවා. ආණ්ඩුව පැහැදිලිවම සැලැස්මක් නැතුව උදේට නැගිටලා හවසට ආණ්ඩුව කරන්නේ කොහොමද කියල කල්පනා කරලා අමාරුවේ වැටුනට පස්සේ හිතනා අපිව හිරේ දාලා අපිව මේවට ගෙනල්ලා ආණ්ඩුවට තමන්ගේ පාලනය අරන් යන්න පුල්වුවන් කියල. එහෙම හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...