රෂිකා හෙන්නායක අප්‍රේල් 07, කොළඹ LNW :
ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳව කරුණු රැසක් අනාවරණය කරයි.
ඒ අනුව මේ වනවිට , සේවකයන් පිරිසකගේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් සහ පාලන පද්ධතිවල පවතින දුර්වලතා හේතුවෙන් 2024 වසරේ සිට මෙම වංචාව සිදුව ඇති බව බැංකුව පිළිගෙන තිබේ.
කෙසේ වෙතත්, ගනුදෙනුකරුවන්ගේ තැන්පතුවලට මින් කිසිදු බලපෑමක් නොවන බවත් බැංකුවේ ප්‍රාග්ධන ශක්තිය යහපත් මට්ටමක පවතින බවත් මහ බැංකුව සහතික කර ඇත.
වංචාවට සම්බන්ධ සේවකයන්ගේ වැඩ තහනම් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ස්වාධීන විගණන කණ්ඩායම් විමර්ශන ආරම්භ කර තිබේ.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලාභාංශ ගෙවීම් අත්හිටුවීමට නියම කර ඇති අතර, බැංකුව සිය අභ්‍යන්තර ආරක්ෂණ විධිවිධාන ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටී.
මෙම සිදුවීම බැංකු ක්ෂේත්‍රයේ ආයතනික පාලනය සහ අධීක්ෂණ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු පිළිබඳව බරපතල අවධානයක් යොමු කරවන්නකි.



