*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 143 වැනි ස්මාර්ට් පන්ති කාමරය වව්නියාව ඕමන්තේ මධ්‍ය මහා විද්‍යාලයට (VIDEO)

රට තුළ ආර්ථික, සමාජයීය ආදී ප්‍රශ්න රැසක් ඇති බවත් ඊට අමතරව විවිධ හේතු නිසා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් කියා ජාති වශයෙන්ම ආගම් වශයෙන් හා කුල ගෝත්‍ර වශයෙන් බෙදී ඇති බවත් මෙසේ බෙදුනු රට එකතු කළ හැකි හොඳම ක්‍රමවේදය වන්නේ නිදහස් නිවහල් දියුණු අධ්‍යාපන ක්‍රමයක් හරහා බවත් අධ්‍යාපනය හරහා දැනුම හරහා බුද්ධිය හරහා සමාජයේ තිබෙන විවිධ බෙදීම් ඉවත් කර එකා මෙන් ජීවත්විය හැකි ශක්තිමත් රටක් ගොඩනැගිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලංකාව කියන අප රට සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ආදී සෑම ජාතියකටම ආගමකටම කුලයකටම අයිති ශ්‍රී ලාංකික පුරවැසියන්ට අයිති රටක් බවත් ජාති ආගම් ගැන කතා කරනවාට වඩා ශ්‍රී ලාංකිකත්වය ගැන කතා කර ශ්‍රී ලාංකිකත්වයට මුල්තැන ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 143 වැනි අදියර යටතේ වව්නියාව ඕමන්තේ මධ්‍ය විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය නර්තන ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

එසේම අධ්‍යාපනය තුළින් එකමුතුභාවය, මිත්‍රත්වය, සංහිඳියාව ගොඩනගන්නට කටයුතු කළ යුතු බවත් ඒ අනුව රටේම පාසල් දියුණු කිරීම සිය අරමුණ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සිංහල පමණයි දමිළ පමණයි කීමෙන් පාසල් දූදරුවන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවන නිසා පාසල් දරුවන්ට චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි දරු පරපුරක් අධ්‍යාපන ක්‍රමය හරහා නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද සිංහල හා දමිළ කිය කියා ජාතිය උපයෝගී කර ගෙන දේශපාලන වාසි ලබා ගත හැකි වුවත් ඉන් රට දියුණු කළ නොහැකි නිසා ශ්‍රී ලංකාවට එවැනි දේශපාලන වාසි අවශ්‍ය නොවන බවත් රටට අවශ්‍ය වන්නේ දියුණු සමාජයක උගතුන් බුද්ධිමතුන් බිහි කරන වැඩපිළිවෙළක් බවත් ඒ සඳහා ජාති ආගම් කුල ගෝත්‍ර තරාතිරම් ආදී සියලු දේ අමතක කර කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 143 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1443ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan