ශ්‍රීලනිපය ගෙඩිය පිටින් රනිල් ළඟට ගෙනියන සැලැස්මක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙනකොට අවුල් පිට අවුල් ජාලාවක පැටළිලා ඉන්නෙ. ඒකට මූලික හේතුව වෙලා තියෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගෙ වැඩම තමයි.

තමුන්ට වැටිලා තියෙන නඩු ටිකෙන් ඔළුව බේරාගන්න බලාගෙන ඒ වෙනුවෙන් පක්ෂය මෙහෙයවපු මෛත්‍රී දැන් ඉන්නෙ පක්ෂය ඇතුළෙත් නඩු ගොඩාක් දාගෙන පක්ෂ සභාපතිකමත් තාවකාලිකව තහනම් වෙලා.

පාස්කු ප්‍රහාරය ගැන මෑතකදී කියපු කතාවත් එක්ක මෛත්‍රී සම්බන්ධයෙන් හතර වටින්ම අප්‍රසාදය පළවෙද්දී ඒ පිටින්ම පක්ෂයේ බලය අල්ලන්න නිමල් සිරිපාලලා, අමරවීරලා සෙට් එක සූදානමින් ඉන්නෙ.

ඒගොල්ලො දැනටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමතිකම් දරණ, ඉදිරියටත් රනිල්ටම සහාය දිය යුතුයි කියන කට්ටිය.

ශ්‍රීලනිපයේ මන්ත්‍රී කණ්ඩායමේ 14 දෙනාගෙන් 11 දෙනෙක්ම විවිධ අවස්ථාවට ආණ්ඩුවට පැන්නා. නමුත් පක්ෂයේ ආසන සංවිධායකයින් හිටියේ ආණ්ඩුවට නොයා යුතුයි කියන මතයක.

දැන් කොහොමින් හරි මේ ඇවිළිලා තියෙන ප්‍රශ්න අස්සේ සිද්ධ වෙන්න යන්නේ ශ්‍රීලනිපය ගෙඩිය පිටින්ම අරන් ගිහින් රනිල්ගේ දෙපා මුල තියන ප්ලෑන් දෙකක්ම ක්‍රියාත්මක වෙන එකලු.

එකක් ඒ පක්ෂයේම ඇමති සයිස් කට්ටියගෙ ප්ලෑන් එක. අනිත් එක අර පොහොට්ටුවෙන් ස්වාධීන වෙලා ඉන්න මීගමු පැත්තෙ හාදයාගෙ කණ්ඩායමේ ප්ලෑන් එක.

චන්ද්‍රිකා සාධකය මෙතනදීත් තීරණාත්මක වෙයි කියලා තමයි කියන්නෙ. බලාගෙන ඉන්නයි තියෙන්නෙ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...