(VIDEO):2015 මම කරපු වැරැද්ද අද නිවැරදි කළා. චන්ද්‍රිකා මෛත්‍රීට පන්න පන්න දෙන්න පටන් ගනී!

Date:

කොළඹ LNW:2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් රැසක් තිබුණද ඒවා නොසලකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඒ මොහොතේ ඊට ඉදිරිපත් කළේ විශාල බලාපොරොත්තුවක් වුවද ඔහු රටත් විනාශ කර පක්ෂයත් විනාශ කළ අතර අද එම වැරැද්ද නිවැරදි කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඒ, අද (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපති ධූරය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙන අතර ඒ අනුවයි අද පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෛත්‍රී විරෝධී කණ්ඩායම විසින් දේශපාලන මණ්ඩලය කැඳවා වැඩබලන තනතුරු කිහිපයක් පත්කිරීම ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබුණි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට පිස්සු බවයි තවදුරටත් කුමාරතුංග මහත්මිය කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...

ගලේවෙලදී නීතිවිරෝධී කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පුරාවස්තු සොයා කැණීම්...

“මහින්ද සුළඟින් නාමල් සුවඳ” – නාමල් නව ගමනක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ජනපති අතින් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...