විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට!

0
247

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW): විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අද (08) දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවද එහි දක්වා ඇත.