*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

වම් ඉවුරේ සිනමාවට වසන්තය කැඳවු’ ඔබේසේකර

විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, කෘතහස්ත තිර පිටපත් රචකයෙක් , නිෂ්පාදකවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙකු වූ වසන්ත ඔබේසේකරයන්ගේ හත් වන ගුණානුස්මරණය අප්‍රේල් (08) අද දිනට යෙදී තිබේ.

මේ එතුමන් මෙරට සිනමාව වෙනුවෙන් සිදු කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් තබන ගෞවරව පූර්වක සටහනයි.

දොන් ඩේවිඩ් ඔබේසේකරහා අමරා කන්නන්ගර නම් දෙපලට දාව ශාස්ත්‍රීය පරිසරයක ඉපදී වසන්ත ඔබේසේකරයන්ගේ එකම සහෝදරයා වුයේ මහාචාර්ය ගණනාථ ඔබේසේකරයි. 1962 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා ගනු ලැබූ වසන්ත ඔබේසේකර මහතා කලක් උපාධිධාරී ගුරුවරයෙක් ලෙස සේවය කරන ලදි. ඉන් අනතුරුව 1964-1970 කාලය තුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හී කතෘ මණ්ඩලයෙහි සේවය කරන ලදී.

එනමුත් ඔහුගේ ආත්මය වෙන්ව පැවතියේ සිනමාවටයි. ඔහු මුලින්ම සිනමාවට අත්පොත් තැබුවේ 1967දී ආචාර්ය සිරි ගුනසිංහගේ ”සත් සමුදුර” චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායකවෙමිනි.

එම වසරේ මෙම චිත්‍රපටය මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කළ අතර ප්‍රංශයේ සිනමාකරණය සම්බන්ධයෙන් වූ කමිටුවක් මගින් ඔහුට 1971දී සිනමාකරණය පිළිබඳ විශේෂ සහතිකයක් පිරිනැමුණි. මෙම අවධිය තුළ ලෝකය පුරාම තරුණ නැගී සිටීම් අරගල ආදිය දක්නට ලැබිණි. එකී සමාජ පරිවර්ථනයන් සිනමාව හරහා පේක්ෂකයා වෙත ගෙන ඒමට සමත් නිර්මාණකරුවන් රැසක් ඒම අවධියේ බිහි විය. ඒ අතරින් මිර්නාල් සෙන්, රිට්වික් ඝටක් (ඉන්දියාව) ග්ලෝබ රෝචා (බ්‍රසීලය) ෆර්නැන්ඩෝ සොලනාස් (ආර්ජෙන්ටිනාව) උස්මාන් සෙන්බෙනේ (අප්‍රිකාව) ලිනෝ බ්‍රෝකා (පිලිපීනය) මීට උදාහරණ කිහිපයකි. එවන්නන්ගේ අභාෂය සහිතව නිර්මාණකරණයේ නිරත වූ වසන්ත ඔබේසේකර ශ්‍රී ලංකාවේ සිනමාවේ දෙවන පරපුරේ පුරෝගාමීන් ලෙස හඳුන්වනු ලැබේ.

මෙම වකවානුව තුළදී ශ්‍රී ලංකාවේද නව දේශපාලන සිනමාවක් බිහි වූ අතර එහි ලා පුරෝගාමී වූයේ ධර්මසේන පතිරාජ හා වසන්ත ඔබේසේකරයි. ඔබේසේකරයන් විසින් නිර්මාණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව 13ක් පමණ වේ.

උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ……..

1970 වසරේදී නිර්මාණය කරන ලද ‘වෙස්ගත්තෝ’ වසන්ත ඔබෙසේකරයන්ගේ ප්‍රථම නිර්මාණයයි. මෙය එක්තරා ආකාරයක ප්‍රහසන චිත්‍රපටයකි. ඔහු මෙයින් කියන්ට උත්සුකව ඇත්තේ ලොකු හොරුන් නිදැල්ලේ වෙසෙද්දී පොඩි හොරුන් පමණක් නීතියේ රැහැනට අසුවන ආකාරයයි.

1971 පශ්චාත් අරගලකාරී අවධිය විෂයෙහි නිදහස් අධ්‍යාපනය පුළුල්වීමත්, පනස් හයේ සිදු කළ සමාජ ප්‍රතිශෝධනත් නිසා ගම්බද සිංහල පමණක් උගත් තරුණයන්ට විශ්ව විද්‍යාල වරම් ලැබීමත් සරසවියෙන් ඉවත් වීමත් සමඟ ඔවුන් උග්‍ර රැකියා ප්‍රශ්නයකට මුහුණ දෙන්ට සිදු වීමත්, දෙමාපියන් විසින් තම දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කිරීමට ගේ දොර, වතුපිටි, හරකබාන විකිණීමෙන් හෝ උකස් කිරීමත් අවාසනාවකට මෙන් ඒවා ද සින්න වීමත් සමඟ ඔවුන්ගේ අදෝනාවන් හා ඉච්ඡාබංගත්වයට පත් තාරුණ්‍යයේ ඛේදවාචකය ‘වල්මත් වූවෝ’’ හරහා සමාජ ගත කිරීමට වසන්ත ඔබේසේකරයන් සමත් විය.

මෙහිම දෙවන අධියර 1976 නිර්මාණය කරන ලද ” දියමන්තිය” නම් චිත්‍රපට නිර්මාණයත් සමඟ අධ්‍යාපනය ලැබූ උගත් තරුණ පරපුරේ පුපුරායාම කදිමට ප්‍රකාශ කිරීමට වසන්ත ඔබේසේකර සමත් විය.

1979 වසරේදී සත්‍ය සිදුවීමක් අළලා නිර්මාණය වන ‘පළගැටියෝ” මඟින් නගරයට සංක්‍රමණය වන රැකියා විරහිත ගැමි තරුණයන් ඉච්ජිභංගත්වයට පත්වීම විස්තර වේ.

තරැ අහුරක් සේ රෑ ඇවිලෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ
යොවුන් වසන්තයේ
දුහුල් වළාකුලේ….

ඉන් අනතුරුව 1984 සත්‍ය කතාවක් ඇසුරේ නිර්මාණය වන ‘දඩයම‘ අදටත් වසන්තගේ ජනප්‍රිය චිත්‍රපටයයි.

ඔහු පොදුජන ප්‍රේක්ෂකයන් ප්‍රථම වතාවට සමීප කරගත්තේ මේ සිනමාපටයෙනි. මෙහි ගැහැනිය කේන්ද්‍ර කරගෙන ඔවුන් පුරුෂාධිපත්තියට හා ලිංගික සූරාකෑමට එරෙහිව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබෙයි.

එමෙන් ම ඔහු විසින් නිර්මාණය කරන ලද කැඩපතක ඡායා’ (1989) චිත්‍රපටය විවෘත ආර්ථිකයෙන් පසු අපේ රටේ ඇති වූ සාරධර්ම හා සදාචාර පරිහානිය මනාව පිළිබිඹු කරන අතර එය එක්තරා ආකාරයකට දඩයම සිනමා නිර්මාණයේම දිගුවක් දැයි සිතෙන තරම්ය. මෙම නිර්මාණ දිත්වයම සිනමාවේ ආකෘතීන් අත්හදා බැලීමට කරන ලද නිර්මාණ වේ. ඒ නමුත් මෙම සිනමා ආඛ්‍යාණ රීතීන් තව දුරටත් වර්ධනය වුයේ නැත.

මීට අමතරව සළෙළු වරම(2001), දොරකඩ මාරාව(1998), තීර්ථ යාත්‍රා (1999), අසනි වර්ෂා (2005), සෙව්වන්දි(2006), මාරුතය(1995) හා ආගන්තුකයා (2001) ආදී චිත්‍රපට ඔහු අතින් නිර්මාණය වූ නිර්මාණ අතර වේ.

අපට පොලව නැත. නාඩන් හදවත …
https://youtu.be/8U8fTNhtU2o?si=d0PUX4eAV_ZYPVuj

වසන්ත ඔබේසේකරයන් අවස්ථා ගණනාවකදී සම්මානයට ද පාත්‍ර විය.

ජනාධිපති සම්මාන

හොඳම අධ්‍යක්‍ෂණය – පළඟැටියෝ
හොඳම තිර රචනය – පළඟැටියෝ
හොඳම අධ්‍යක්‍ෂණය – දඩයම
හොඳම අධ්‍යක්‍ෂණය – දොරකඩ මාරාව
හොඳම තිර රචනය – දොරකඩ මාරාව
හොඳම තිර රචනය – තීර්ථ යාත්‍රා
හොඳම අධ්‍යක්‍ෂණය – තීර්ථ යාත්‍රා

සරසවිය සම්මාන

හොඳම අධ්‍යක්‍ෂණය – දඩයම
හොඳම තිර රචනය – කැඩපතක ඡායා
හොඳම තිර රචනය – සළෙලළු වරම
හොඳම අධ්‍යක්‍ෂණය – සළෙලළු වරම

වසන්ත ඔබේසේකර බොහෝවිට තම චිත්‍රපටවලට තෝරාගත්තේ සමාජයේ කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක සත්‍ය සිදුවීම්ය. ඒ සිද්ධි පිළිබඳව පර් යේෂණ කරමින් ඔහු බොහෝ කාලයක් ඒවා ගවේෂණ්‍ය කරන්නට විය. ඔහු නිරන්තරව විශ්වාස කළේ හොඳ කලාත්මක සිනමාවක් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වන බවයි. ඔහුගේ මඟ යමින් පසු කාලීනව ප්‍රසන්න විතානගේ ආදී නිර්මාණකරුවන් බිහි විය.

වසන්ත ඔබේසේකර දේශපාලනය සෘජුව කතා නොකරන සමාජයේ ප්‍රබල සිද්ධි තේමා කරගෙන චිත්‍රපට තැනූ අපූරු සිනමාවේදියෙකි. ඔහු තුළ සිනමාකරණයට අපූරු ආසක්තවීමක් තිබිණි. ඒ යුගයේ සමකාලීන සිනමාකරුවන්ගෙන් දැකගත නොහැකි වූ අකෘතික පර්යේෂණ ඔහු නිර්භීතව කළේය. ඔහු නිරූපණය කරන චරිත ආන්දෝලනාත්මක හා පුළුල් පන්ති හා සමාජ පසුබිමක තබා විවරණය කිරීමට ඔහු සමත් විය. ඔහු සිනමාවේ කලාව හා භාවිතාව වෙනස් විදියකට අරුත් ගන්වන්නට සමත් වූ වම් ඉවුරේ සිනමාවට වසන්තය කැඳවු ප්‍රබල නිර්මාණවේදියෙකු විය.

අසූ වසක් ආයු වළදමින් යහපත් ශ්‍රී ලාංකික සිනමාවක් වෙනුවෙන් විසල් මෙහෙවරක් කළ මහා සිනමාවේදියකු වන වසන්ත ඔබේසේකර සිය මෙහෙවර නිමාකර නික්ම ගිය අතර ඔහු 60-70 දශකයේ මෙරට බිහිවූ ස්වර්ණමය සිනමා යුගයේ අති දක්ෂ සිනමාකරුවෙකි යයි පැවසීම අතිශයෝක්තියක් නොවනු අත.

1සටහන : සශිකලා මධුෂාණි

  1. ↩︎

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan