රුපියල සියයට 40 කින් අවප්‍රමාණය කරන්න මහබැංකුවට අවසර දුන්නේ කවුද? ඔවුන් සොයා දඬුවම් දෙන්න – රනිල්

Date:

ශ්‍රී ලංකා රුපියල එක් දිනක් තුළ සියයට 40 කින් අවප්‍රමාණය කිරීමට මහ බැංකුවට අවසර දුන්නේ කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

මෙම වගකීම් විරහිත හා නොසැලකිලිමත් තීන්දුව ගත් පුද්ගලයන් සොයා දඬුවම් පැමිණවිය යුතු බවයි හිටප අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මෙම මුග්ද තීන්දුව රට විනාශ කිරීමට හේතුවූ බව ද ඔහු අවධාරණය කළේය.

ඩොලරයේ අගය රු. 230 – 235 දක්වා ඉහළ යෑම පිළිගත හැකි මුත්, එය ඉහළ ගොස් ඇති අගය සලකා බැලූ විට නැවත අවම කිරීම නොහැකි මට්ටමක් දක්වා රුපියලේ අගය පහත වැටී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. මෙය ශ්‍රී ලංක මහ බැංකුව විසින් මෙතෙක් ගෙන ඇති මුග්ද ම තීන්දුව බවට හෙතෙම අවධාරණය කළේය.

ඉකුත් වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීමට තීන්දු කළ පාර්ශවයන් කවුරුන් ද යන්න හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය. මෙම ප්‍රශ්ණ හමුවේ පාර්ලිමේන්තුවේ පිළිතුරු සැපයිය යුතු බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජය අසමත් වී ඇති පසුබිමක පාර්ලිමේන්තුව මෙම අර්බුදයේ වගකීම ගත යුතු බවට පෙන්වා දුන් එක්සත් ජාතික පක්ෂ නායකවරයා, මතුව ඇති තත්ත්වය හමුවේ ආහාර උද්ධමනය පවා සියයට 40 දක්වා ඉහළ ගොස් තිබෙන්නට ඇති බව අනතුරු ඇඟෙව්වේය. මෙම තත්ත්වය තුළ ජනතාවට තම කෑම මේසයේ වාඩිවී වේල් දෙකක් හෝ ලබා ගැනීමට නොහැකි වනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...