රුපියල සියයට 40 කින් අවප්‍රමාණය කරන්න මහබැංකුවට අවසර දුන්නේ කවුද? ඔවුන් සොයා දඬුවම් දෙන්න – රනිල්

Date:

ශ්‍රී ලංකා රුපියල එක් දිනක් තුළ සියයට 40 කින් අවප්‍රමාණය කිරීමට මහ බැංකුවට අවසර දුන්නේ කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

මෙම වගකීම් විරහිත හා නොසැලකිලිමත් තීන්දුව ගත් පුද්ගලයන් සොයා දඬුවම් පැමිණවිය යුතු බවයි හිටප අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මෙම මුග්ද තීන්දුව රට විනාශ කිරීමට හේතුවූ බව ද ඔහු අවධාරණය කළේය.

ඩොලරයේ අගය රු. 230 – 235 දක්වා ඉහළ යෑම පිළිගත හැකි මුත්, එය ඉහළ ගොස් ඇති අගය සලකා බැලූ විට නැවත අවම කිරීම නොහැකි මට්ටමක් දක්වා රුපියලේ අගය පහත වැටී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. මෙය ශ්‍රී ලංක මහ බැංකුව විසින් මෙතෙක් ගෙන ඇති මුග්ද ම තීන්දුව බවට හෙතෙම අවධාරණය කළේය.

ඉකුත් වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීමට තීන්දු කළ පාර්ශවයන් කවුරුන් ද යන්න හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය. මෙම ප්‍රශ්ණ හමුවේ පාර්ලිමේන්තුවේ පිළිතුරු සැපයිය යුතු බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජය අසමත් වී ඇති පසුබිමක පාර්ලිමේන්තුව මෙම අර්බුදයේ වගකීම ගත යුතු බවට පෙන්වා දුන් එක්සත් ජාතික පක්ෂ නායකවරයා, මතුව ඇති තත්ත්වය හමුවේ ආහාර උද්ධමනය පවා සියයට 40 දක්වා ඉහළ ගොස් තිබෙන්නට ඇති බව අනතුරු ඇඟෙව්වේය. මෙම තත්ත්වය තුළ ජනතාවට තම කෑම මේසයේ වාඩිවී වේල් දෙකක් හෝ ලබා ගැනීමට නොහැකි වනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...