විරෝධතාවලට සුළුතර ලිංගික හඬත් එක්වෙයි!

පවතින අර්බුදය හමුවේ රට පුරා ගොඩනැඟෙන විරෝධතා මාලාවට ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාව ද සහාය දක්වා තිබේ.

ඒ අනුව අද (08) දින සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී ප්‍රජාවන් කොළඹ ලිප්ටන් වටරවුම අසල සාමාකාමී විරෝධතාවයක් දියත් කර තිබිණි.

ප.ව. 3.30 ට පමණ ආරම්භ වූ මෙම විරෝධතාවයට විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජා සාමාජිකයන් රැසක් සහභාගී වී සිටියහ.

රටේ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලනික අස්ථාවරභාවය සෑම පුරවැසියකුට මෙන්ම සුළුතර ලිංගික ප්‍රජාවට ද බලපා ඇති හෙයින් ඔවුන්ගේ හඬ අවදි වීම ද මෙසේ සිදුවිය.

සුළුතර ලිංගික හෙවත් LGBTIQ ප්‍රජාව යනු ඔවුන්ගේ ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව හා ප්‍රකාශනය මත බහුතර නියෝජනයක් නොගන්නා හෙයින් අයිතීන් හා වරප්‍රසාද සමානව භුක්ති විඳීම අතින් අභියෝග රාශියකට මුහුණ දෙන පිරිසකි. තම ලිංගික අනන්‍යතාව මත රැකියා අවස්ථා සීමා වීම, නීතිමය රැකවරණය සීමා වීම, සෞඛ්‍යය ඇතුළු විවිධ රජයේ හෝ පෞද්ගලික සේවාවන් තුළ දී නොයෙකුත් අභියෝග වලට මුහුණ පෑම පමණක් නොව වෙනස්කොට සැලකීම, කොන්කොට සැලකීම, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වලට ලක්වීම හා ගෘහස්ත හා ගෘහස්ත නොවන ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දීමට සිදුවීම ඒ අතර ප්‍රධාන ය.

ඉහත කී කරුණු මත දැනටමත් අභියෝග රැසක් සමඟ ජීවත් වන ප්‍රජාවක් වශයෙන් LGBTIQ ප්‍රජාවට රට තුළ මතුව ඇති අර්බුදය දරුණුවටම බලපා ඇති බව පෙනී යයි. ඒ අනුව LGBTIQ ප්‍රජාවගේ අරගලය හුදකලා සටනක් නොවන බවත් එකිනෙක සහසම්බන්ධයක් ඇති විශාල අරගලයක එක් කොටසක් බවත් මෙම විරෝධතාවය පසක් කරයි.

සංස්කාරක (LGBTIQ)

ඡායාරූප: Nadeera Harshani Photography

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...