කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට …

Date:

අවස්ථා ගණනාවකදීම කල්ගිය කැබිනට් සංශෝධනය තවදුරටත් ප්‍රමාද වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වීමට මන්ත්‍රීවරුන් 6 දෙනෙකු දැනට ස්ථිර වශයෙන්ම කැමැත්ත පළකර ඇති බවත් ඔවුන් අතර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම සහ ඒ. එච්. එම්. ෆවුසි සිටින බවත් අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.

ඔවුන් අතරින් රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් දෙදෙනාට කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් කොන්දේසියක් ඉදිරිපත්ව ඇත්තේ රාජිත සහ වෙල්ගම යන දෙදෙනාම කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයින් බැවින් ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙන්නේ නම් තම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයා වන රෝහිත අබේගුණවර්ධනටත් ඒ හා සමානම බලතල ඇති අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බවටයි.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හේතුවෙන් රාජිත සහ වෙල්ගම යන දෙදෙනා අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීම ද ප්‍රමාද වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොරියාවට යනවා නම් මේ පාරෙන් යන්න!

කොළඹ LNW:''කොරියාවට යනවා නම් හරි පාරෙන් යන්න.සල්ලි ගෙවලා කෙටි...

චීනයේ ග්වැන්ෂෝ සිට පා පැදි තරගකරුවන් 20ක් මෙරටට!

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW : ” ශ්‍රී ලංකා...