රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හී ආරක්ෂාවට විශේෂ වැඩපිලිවෙලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW):2024.04.11 දිනට යෙදෙන රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව,

පොලිස් නිළධාරීන් 5,580
වි.ක.බ නිළධාරීන් 510
ත්‍රිවිධ හමුදා 1,260
ලෙස යොදවා ඇත.

සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථාන වල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලිස් නිළධාරීන් 5,580 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260 ක් සමගින් 7,350 කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...