පුර්ණ සුර්යග්‍රහණය ලොව පුරා මිලියන 22ක් නරඹයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 09,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බොහෝ පුද්ගලයන්ට සිය ජිවිත කාලයට එක වරක් පමණක් දැකි පුර්ණ සුර්යග්‍රහණයක් ඊයේ(08) දිනයේදී දර්ශනය විය.

ඒ අනුව, දකුණු පැසිපික් සාගරයෙන් ආරම්භ වුන මෙම සුර්යග්‍රහණය මෙක්සිකෝ-ටෙක්සාස් දේශසීමාව හරහා ගොස් ඊළඟ පැය එකහමාරක කාලය තුළ ප්‍රාන්ත 15ක් හරහා ගමන් කර තිබිණි. මධ්‍යහනය තුළ නගර හදිසි අඳුරකට ඇද වැටුණු අතර උෂ්ණත්වයේ තියුණු ලෙස පහත වැටීමකින් සිසිල් වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

මෙම දර්ශනීය අවස්ථාව ලොව පුරා මිලියන 22ක ජනතාවක් දැකගැනීමට සමත්ව ඇති අතර සංදර්ශනය නැරඹීම සඳහා අවම වශයෙන් මිලියන 4 සිට 5 දක්වා එක්සත් ජනපදයට අනෙකුත් ප්‍රදේශවලින් සංචාරය කළ බව ගණන් බලා තිබේ.

ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය, රුසියාව සහ පෘතුගාලයේ කුඩා ප්‍රදේශයකට සුර්යග්‍රහණය දර්ශනයව තිබු අතර සූර්යග්‍රහණය කෙලින්ම දැකීමට නොහැකි වූවන සඳහා Nasa ආයතනය සුර්යග්‍රහණය සජීවීව විකාශනය කරන ලදී.

මීළඟ පූර්ණ සූර්යග්‍රහණය 2026 අගෝස්තු 12වන දින සිදුවනු ඇති බවට නසා ආයතනය සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...