අද කෙරෙන වැඩ නිසා හෙට හොඳ වෙයි,චමරි අතපත්තු

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 09, කොළඹ (LNW):

ගෙවුණු දිනවල චමරි අතපත්තු ඇයගේ පෞද්ගලික සමාජ ජාලා ගිණුමක “මගේ රට වෙනුවෙන් අවසාන රාජකාරිය” ලෙස තැබූ සටහනක් නිසා ක්‍රිකට් සමාජය තුළ ඇය සමුගැනීමට යන බවට රාවයක් පැතිර ගියේය.ඇය එම සටහන තැබුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීම වෙනුවෙන් අති විශිෂ්ඨ කාර්යයක් ඉටු කිරීමෙන් පසුවය.එසේම ඇය අප්‍රේල් 7 දා නැවත සටහනක් තබමින් “සමහර තීරණ හරිම අමාරුයි.නමුත් ජීවිතයේ යම් අවස්ථාවක අපට එවැනි තීරණ ගැනීමට සිදුවේ.” යනුවෙන් සටහනක් තබා ඇත්තේ මේ සටහනට පාදක වන තුක් වෙනි විනිසුරුගෙන් විමසීමක් සම්බන්ධ ඇයගේ පිංතූරයක් ද සමඟයි.
එහෙත් මෙි දෙගිඩියාව ඇති කරන ප්‍රකාශ සමඟ ඇය “ක්‍රික්ඉන්ෆෝ” සමඟ පැවති සාකච්ඡාවකදී පවසන්නේ තවම සමුගැනීමට අදහසක් නැති බවය.ඇය එහිදී පවසන්නේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට ප්‍රධාන ස්ථානයක් දිනා දීම තම අරමුණ බවය.


“මට මගේ කණ්ඩායම ගැන හොඳටම විශ්වාසයි. අපි මේ වන විට හොඳ ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ තත්වයන් පවතින අතර පිතිකරුවන්ට ඇත්තෙන්ම හොඳයි. සෑම කණ්ඩායමක්ම සුදුසුකම් ලැබීමේ තරඟවලට යන්නේ ජයග්‍රහණය කිරීමට, ඒ නිසා අපි අපේ හොඳම ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ ද, මගේ පන්දු යැවීමේ ඒකකය සහ පිතිකරණ අංශය ගැන මට හොඳ විශ්වාසයක් තියෙනවා.”
චමරිගේ ඒ වචනවල පැහැදිළිව ඇත්තේ ඇය ලෝක කුසලානය නිමා වවන තෙක් සිය වගකීම දරණ බවය.චමරි ගෙවුණු මාස 10 ක කාලය තුළ විස්සයි විස්ස තරගවලදී එංගලන්තය,නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව පරාජය කිරිමට නායකත්වය දුන්නේ සුපිරි දස්කම් ද දක්වමින්ය.එහෙත් ඒ දස්කම් දැක්වීමට එක්දින කණ්ඩායමට වැඩි ඉඩක් නොලැබුණු නිසා සුදුසුකම් ලැබෙීමේ පෙළ ගැස්මේ ශ්‍රී ලංකාව සිටින්නේ අටවන තැනය.ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයකට නොයා මේ තරගාවලියට රැඟෙන යාමට චමරි අතපත්තු දෙනු ඇතැයි සිතිය හැකිය.ඇතැම් විට නායකත්වය තුළ නොසිටිය ද චමරි ඒ අවස්ථාව දිනා දීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින ප්‍රබලම දායකත්වය දැක්විය හැකි ක්‍රීඩිකාවය.


ක්‍රිකට් මේ පොළව මේ මොහොතේ ක්‍රියාත්මක වන ආකාරය ගැන චමරිට ඇත්තේ ඇගයීමකි.ප්‍රශංසාවකි.
“අපි රටක් ලෙස සහ ක්‍රීඩකයන් ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළා.අපේ දේශීය ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කරලා,මේ වන විට ශ්‍රී ලංකාවේ ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා තරග ක්‍රියාත්මක වෙනවා. අපි අවුරුදු 19 න් පහළ තරඟාවලි, 17 න් පහළ තරඟාවලි, පළාත් තරඟාවලි සහ ක්‍රීඩා සමාජ ආරම්භ කරලා තියෙනවා.ඉතින් දැන් හොඳ ප්‍රතිඵල එන්න පටන් අරගෙන තියෙනවා.ඒ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ තරුණියන් සහ පාසල් සිසුවියන් ක්‍රිකට් ගහන්න පටන් අරන් තිසා.”


චමරි එහි අවසාන බලාපොරොත්තුව ලෙස පවසන්නේ “මේවා මගේ පැත්තෙන් ධනාත්මක දේවල්, අනාගතයේදී අපට හොඳ කණ්ඩායමක් විය හැකි බව මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ය.

එසේම වත්මන් කණ්ඩායමේ පන්දු යැවිම,පිති ප්‍රහාරය සහ පන්දු රැකීම ඇතුළු ක්‍රීඩා රටාව ගැන ඇයට ඇත්තේ ද හොඳ අදහසක්ය.
“මම ඇත්තටම සතුටු වෙනවා අපේ තරුණ ක්‍රීඩකයින් සහ ඔවුන් පිටිය මැද පීඩනය හසුරුවන ආකාරය ගැන, විශේෂයෙන්ම විශ්මි, කවිෂා සහ හර්ෂිතා. ඔවුන් පසුගිය මාස කිහිපය තුළ ඇත්තෙන්ම හොඳ මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා.ඒ වගේම මම හිතන්නේ අපි කණ්ඩායමක් හැටියට ගැඹුරෙන් ක්‍රියාත්මක වෙනවා.


චමරි කණ්ඩායම ගැන නායිකාව ලෙසත්,ක්‍රීඩිකාවක ලෙසත් කතා කරන්නේ තෘප්තියෙන්ය.එසේම 34 හැවිරිදි ඇය නික්ම යාම ගැන විවිධ ඉඟි දෙමින් ශ්‍රී ලංකාවේ කිසිඳු ක්‍රිකට් ක්‍රීඩිකාවකට ලබා ගැනීමට නොහැකි වූ ඇය වටා ගෙතී ඇති ජන ආකර්ශණය ද කළඹන්නේය.සැබවින්ම ඇය වීරවරියක ලෙස සමුගැනීම කළ යුතුය.ඇයගේ වීරත්වයට හානියක් නොවන තැනක සිට ඇයගේ සමුගැනීම සිඳුවිය යුතු බව චමරි ද සිතනවා නො’අනුමානය.ඒ වීරමය භාවිතාවේ හොඳම තැන ඇයට තීරණය කිරීමට චමරිට නිදහස තිබිය යුතුය.ඒ සඳහා ආශිර්වාද කරන අතරේ අපට තව ටිකක් උස්සලා දීලම යනවද කියා සාධාරණ සහ ආදරණීය ඉල්ලීමක් කළ හැකිය.එහෙත් ඇය නොයන ලෙස ඉල්ලීම් එන තරමට දක්ෂ සහ ජනතා ආකර්ශණය සහ ආදරය දැනෙන පරිසරයක BYE කියනු හැර,ඇයට BYE කියන මට්ටමට වැටෙන තෙක් නොසිටිය යුතුය.
ඇය රටට දුන් දේ ට හැමදාම ගෞරවය සහ ආදරය හිමි විය යුතු චරිතයක් බැවිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...