ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සහ ජාතික ආරක්ෂක උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අතර දුරකථන සංවාදයක් පසුගියදා සිදුවී තිබේ.
ශී ලංකාවේ ආරක්ෂාව සහ ස්වාධිපත්‍යය වෙනුවෙන් වන ඇමෙරිකානු සහාය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ශී ලංකාවේ වැඩසටහනෙහි මූල්‍ය සහ පාලන අවශ්‍යතා සම්පූර්ණ කිරීම සහ දෙරට අතර අනාගත සහයෝගීතාව වැනි ද්විපාර්ශ්වීය කරණු සම්බන්ධයෙන් දෙදෙනා අදහස් හුවමාර කරගෙන ඇත.
කලාපීය සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් දැනට කියාත්මක පියවර උදෙසා ශී ලංකාව සමග එක්ව කටයුත කිරීමට ද ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරයා එකඟතාවය පළකොට ඇති බව සඳහන්.
RN