නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළට !

Date:

ශ්‍රී ලංකා මහබැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 700 බැගින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.5% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.5% දක්වාත් ඉහළ නංවා ඇත.

සමස්ත ඉල්ලුම ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ බාධා, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලය තුළදී තවදුරටත් ඉහළ යා හැකි උද්ධමන පීඩන සලකා බලමින්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන තවදුරටත් ගොඩනැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂා වර්ධනය වීම වැළැක්වීම සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීමට මෙන්ම, වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යූහයේ පැවති විෂමතා නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යය යන්න මුදල් මණ්ඩලයේ අදහස බවයි මහබැංකුව නිවේදනය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2025 නොවැම්බර් නොවැම්බර් මාසයේදී මෙරටට පැමිණ...

ආපදා මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළට. 366 ක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...