ජනපති ගෝඨාභයට සහ ආණ්ඩුවට සහාය පළ කරමින් කොළඹ කොටුවේ පා ගමනක් (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහාය පළ කරමින් පා ගමනක් සහ උද්ඝෝෂණයක් ඊයේ (08) කොළඹදී පැවැත්වී තිබේ.

ස්වයං රැකියා අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබුණු අතර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සාපේක්ෂව ඉතා සුළු පිරිසක් ඊට සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල සිට පා ගමනින් ජනාධිපති කාර්යාලය අසලට පැමිණි පිරිස එහි උද්ඝෝෂණයක නිරත විය.

RN